Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සී.සී.සීලයින් - බයිකතන් සවාරිය ඉරිදා සිට

සී.සී.සීලයින් - බයිකතන් සවාරිය ඉරිදා සිට

editorial - 2022 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සී.සී.සීලයින් - 1333 සම්බන්ධයෙන් පුළුල් දැනුවත් කිරීමක් සඳහා පැවැත්වෙන සී.සී.සීලයින් - බයිකතන් වැඩසහන හෙට (04 වැනිදා) සිට 10 වැනිදා දක්වා දිවයිනේ නගර ගණනාවක් හරහා පැවැත්වේ. සී.සී.සීලයින් - බයිකතන් වැඩසටහන දින 13 ක් පුරා කිලෝමීටර 1333 ක් අවරණය කෙරෙන පාපැදි සවාරියකි.

සැප්තැම්බර් 4 වැනිදා ආරම්භ වන මෙම පාපැදි සවාරිය, ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය වන සැප්තැම්බර් 10 වැනිදා අවසන් කිරීමට නියමිතය.

4 වැනි ඉරිදා උදෑසන 5.30 ට කොළඹ නිදහස් චතුරස්‍රය අබියසින් පාපැදි සවාරිය ඇරඹේ. පාපැදිකරුවන් කුරුණෑගල, දඹුල්ල, මහියංගණය, වැල්ලවාය, ඇඹිලිපිටිය සහ ගාල්ල යන නගරවලදී නවාතැන් ගනු ඇත. 10 වැනිදා කොළඹ නිදහස් චතුරස්‍රය අසළින් පාපැදි සවාරිය අවසන් කෙරේ.

පාපැදි සවාරියේ ප්‍රධාන අරමුණ වන්නේ සී.සී.සීලයින් - 1333 සේවාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමයි. මෙම සේවාව සඳහා මේ වන විට, ස්වේච්ඡා සාමාජිකයෝ 60 දෙනෙක් සම්බන්ධව සිටිති. ඒ සඳහා සම්බන්ධවීමට කැමති අය වෙත් නම් 0112-633237 දුරකතන අංකයට අමතන ලෙස සී.සී.සීලයින් පදනම දන්වා සිටී.

සී.සී.සීලයින් - 1333 යනු ඕනෑම දුරකතන සේවා ජාලයකින්, ඕනෑම දිනයක, ඕනෑම වේලාවක සම්බන්ධ විය හැකි උපදේශන සේවාවකි. එය ශ්‍රී ලංකාවේ දිවිනසා ගැනීම් අඩුකරලීම සඳහා වන, ගාස්තු රහිත, රහස්‍යභාව්‍ය සුරකින අර්බුද සහන සේවාවකි. එය වසර 2009 සිට ක්‍රියාත්මකව පවතින්නකි.

- 213


අදහස් (0)

සී.සී.සීලයින් - බයිකතන් සවාරිය ඉරිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.