Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සුපිරි ‘ඒ’ කාණ්ඩයේ බැඞ්මින්ටන් ශුරතාව කොළඹ ආනන්ද විද්‍යාලයට

සුපිරි ‘ඒ’ කාණ්ඩයේ බැඞ්මින්ටන් ශුරතාව කොළඹ ආනන්ද විද්‍යාලයට

දිලිනි මල්රුක්ෂි - 2013 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස අවුරුදු 19 න් පහළ සුපිරි ‘ඒ’ කාණ්ඩයේ බැඞ්මින්ටන් ශූරතාව දිනා ගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත්විය. අවසන් තරගයේදී ඔවුන් හමුවේ තරග වට 3 - 2 ක් ලෙස පරාජයට පත්වූයේ කොළඹ රාජකීය විදුහලයි.

අර්ධ අවසන් වටයේදී ශාන්ත පීතර විදුහල තරග වට 3 - 2 ක් ලෙස පරාජය කරමින් ආනන්ද විදුහල අවසන් වටයට සුදුසුකම් ලැබීය.
කොළඹ ඞී. එස්. සේනානායක විදුහල, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ කොළඹ නාලන්දා විදුහල පළමු වටයේ තරග වලදී ආනන්ද විදුහල හමුවේ පරාජයට පත්විය.

සනුර හපුආරච්චි ආනන්ද විදුහල් බැඞ්මින්ටන් කණ්ඩායමේ නායකත්වය දරන අතර විනෝද් පයාගලට එහි උප නායකත්වය හිමිවී තිබේ. පසිඳු අඹේගොඩ, දක්ෂික ගුණතිලක, දුල්ෂාන් අලහකෝන්, යෙහාන් මුණසිංහ සහ පුළින අමරනායක කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.

කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ධනුෂ්ක ප‍්‍රනාන්දු මහතා කටයුතු කරන අතර කණ්ඩායම් භාර නිලධාරියා ලෙස රංජිත් පයාගල මහතා කටයුතු කරයි.


අදහස් (0)

සුපිරි ‘ඒ’ කාණ්ඩයේ බැඞ්මින්ටන් ශුරතාව කොළඹ ආනන්ද විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.