Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සුරතලුන්ගේ සටන පල්ලෙකැළේදී

සුරතලුන්ගේ සටන පල්ලෙකැළේදී

රොෂාන් ගුණරත්න - 2019 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘දොන් ජෝර්ජ්’ අභියෝග කුසලාන වෙනුවෙන් මහනුවර විද්‍යාර්ථ විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර පැවැත්වෙන ‘සුරතලුන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය හෙට (8 වැනිදා) සහ අනිද්දා (9 වැනිදා) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 


විද්‍යාර්ථ විදුහල මෙවර පාසල් ක්‍රිකට් වාරයේ තරග 15 කට සහභාගි වී ඉන් තරග 6 කදී පූර්ණ ජයග්‍රහණ ලබා ඇති අතර පළමු ඉනිමේ ජයග්‍රහණ 4 ක් හිමිකර ගෙන තිබේ. මෙවර වාරයේ තරග 13 කට සහභාගි වී ඇති සිල්වෙස්ටර් විදුහල ඉන් තරග 7 කදී පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකර ගෙන තිබේ. 


සිවුවැනි වසරේ ක්‍රීඩකයකු වන ඉසුරු ප්‍රබෝධ මෙවර මහා ක්‍රිකට් තරගයේදී විද්‍යාර්ථ විදුහල් කණ්ඩායමේ නායකත්වය දරයි. වමත් පිතිකරුවෙකු වන ඔහු මෙවර තරග වාරයේදී ලකුණු 550 ක් රැස්කරගෙන ඇත. කණ්ඩායමේ උප නායක කසුන් කරුණාතිලකද සිවුවැනි වසරේ වර්ණ ලාභියෙකි. දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ඔහු ලකුණු 400 සීමාව පසුකර ඇති අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව කඩුලු 61 කි. 


විද්‍යාර්ථ කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයා ලෙස මෙදුනක විජේතිලක හැදින්විය හැකි අතර ශතක 2 ක් සහ අර්ධ ශතක 6 ක් සමගින් මෙවර තරග වාරයේදී ලකුණු 800 සීමාව පසුකර යෑමට ඔහු සමත්ව තිබේ. එහිදී විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ තවත් ක්‍රීඩකයකු වන කවිශ්ක දිල්හාර ලකුණු 500 ක් ලබා සිටියි. 


සිවුවැනි වසරේ ක්‍රීඩකයකු වන මනෝහරන් පිවිත්‍රන් මෙවර සාන්ත සිල්වෙස්ටර් කණ්ඩායමට නායකත්වය දෙයි. මෙවර තරග වාරයේදී ලකුණු 440 ක් රැස්කර ඇති ඔහු, කඩුලු 25 ක් දවාගැනීමටද සමත් වී ඇත. 


උප නායකත්වය දරන චන්දුල ජයකොඩි ශතකයක් සමගින් ලකුණු 395 ක්ද, අවිඳු හේරත් ලකුණු 444 ක්ද ලබා සිල්වෙස්ටර් කණ්ඩායමේ පිතිකරුවන් අතර ඉදිරියෙන් සිටිති. එම කණ්ඩායමේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන නදීර බාලසූරිය ලකුණු 482 ක් රැස්කරමින්, කඩුලු 26 ක්ද දවගෙන තිබේ. 


විද්‍යාර්ථ විදුහල් සංචිතය 
ඉසුරු ප්‍රබෝධ (නායක), කසුන් කරුණාතිලක (උප නායක), මෙදුනක විජේතිලක, කවිශ්ක දිල්හාර, හේෂාන් එරන්ද, අශේන් සේනානායක, ශ්‍යාමල් ප්‍රියභාෂණ, නවෝද් ඩිල්සිත, දිලාන් සන්දීප, අංජුල කසුන්, කුමුදිත පෙරේරා, රමිදු ජයරත්න, මනෝද්‍ය ප්‍රභාසර, අවිශ්ක ජයසූරිය, චතුර මධුෂංක, ඉෂාන් සංගීත්, දුමිදු ඉමන්ත, අසංක ඉසුරු සහ ආදිත්‍ය බණ්ඩාර 


සිල්වෙස්ටර් විදුහල් සංචිතය
මනෝහරන් පිවිත්‍රන් (නායක), චන්දුල ජයකොඩි (උප නායක), අවිඳු හේරත්, නදීර බාලසූරිය, පසන් හෙට්ටි ආරච්චි, පසිදු නිශ්ශංක, කනිෂ්ක ජයකොඩි, ජයගුරු කසුන් එදිරිතිලක, නිශාන්ත ජයවර්ධන, නවීන් නිම්ෂාන්, සී. හේෂාන්, සබීර් අහමඞ්, හෂාන් රත්නායක, අබිශේක් කුමාර්, මොහොමඞ් රියා, ශෂිත බස්නායක සහ මලීස සිල්වා 

 


අදහස් (0)

සුරතලුන්ගේ සටන පල්ලෙකැළේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.