Last Update  :  2025-04-10 14:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සුරේෂ් - මැක්ස්වෙල් යළිත් තරග බිමට

සුරේෂ් - මැක්ස්වෙල් යළිත් තරග බිමට

editorial - 2021 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ඔලිම්පික් කමිටුවේ මීළඟ නිලවරණය (2022-26) සඳහා වත්මන් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා මහ ලේකම් ධුරය සඳහා වත්මන් මහ ලේකම් මැක්ස්වල් ද සිල්වා යන මහත්වරු එම තනතුරු සඳහා යළිත් ඉදිරිපත් වන බව වාර්තා වේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ මීළඟ නිලවරණය ලබන පෙබරවාරි 23 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතුය.

වත්මන් මහ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා පැවසුවේ නිලවරණය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව කැඳවීමට වත්මන් විධායක සභාව සුදානම් බවත් එය පැවැත්වෙන සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ ඔලිම්පික් උළෙලක් පවත්වා වසරක් ඇතුළතදී නිලවරණය පවත්වා නිමා කිරීම බවත්ය.

ජාතික ඔලිම්පික් කමිටුවේ අවසන් නිලවරණය 2018 පෙබරවාරි 23 වැනිදා පවත්වා තිබේ. එහිදී වත්මන් සභාපති සුරේෂ් සුබ්‍රමනියම්  මහතා ඡන්ද 18ක් ලබමින් එම ධුරයට පත්විය. සභාපති ධූරය සඳහා තරග වැදුණු එවකට ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමයේ සභාපති ධුරය දැරූ රොහාන් ප්‍රනාන්දු මහතා ඡන්ද 12ක් ලැබීය.

මෙවර නිලවරණය සඳහා ජාතික ක්‍රීඩා සංගම් 34ක් සුදුසුකම් ලබනු ඇතැයි වාර්තාවේ. වසර 2018 පැවති නිලවරණය ඡන්ද විමසුමට ජාතික  ක්‍රීඩා සංගම් 31ක් සහභාගි විය.
සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උප ලේකම්, උප භාණ්ඩාගාරික යන ධුර හැරෙන්නට උප සභාපති ධුර හතරක් හා කමිටු සාමාජික ධුර තුනක් සඳහා ඡන්ද විමසුම සිදු කෙරේ.

පසුගිය 2018 නිලවරණයේදී සභාපති ධුරයට නාමයෝජනා බාරදුන් සුරේෂ් සුබ්‍රමනියම් හා රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රධාන පාර්ශව දෙකක් තරග වැදුණි. ඒ හේතුවෙන් එම නිලවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. එහිදී රොහාන් ප්‍රනාන්දු මහතාට සහයෝගය දෙමින් උප සභාපති ධුරයට තරග වැදුණු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා හැරෙන්නට විධායක සභාවේ සෙසු සියලු  තනතුරු සඳහා තේරී පත්වූයේ සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ පාර්ශවයෙන් නාමයෝජනා බාර දුන් අපේක්ෂකයන්ය.

නිලවරණය යෙදී තිබෙන 2022 වසර ජාතික ඔලිම්පික් කමිටුවට ඉතා කාර්ය බහුල වසරක් බවට පත්ව තිබේ. ඊට හේතුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා ආසියානු ක්‍රීඩා උළෙල ඇතුළු අන්තර් ජාතික ක්‍රීඩා උළෙල කීපයක්ම 2022 වසරට යෙදී තිබෙන බැවිනි.


අදහස් (0)

සුරේෂ් - මැක්ස්වෙල් යළිත් තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.