Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
‘මහීපාල හේරත්’ අභියෝග කුසලාන සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ ආනන්ද විදුහලේ සෙනුර සිල්වා සම්මාන දිනාගත්තේය. දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර හිල්වුඩ් විදුහලේ බිමන්දි බණ්ඩාර සම්මාන දිනා ගත්තාය. ඔවුන් දෙදෙනාම ත්‍රිත්ව ශූරතා දිනාගැනීමට සමත් වීම කැපී පෙනෙ සිදුවීමක් විය.
බාලක වයස 17 න් පහළ අවසන් මහ තරගයේදී මහනුවර කිග්ස්වුඩ් විදුහලේ ධනුෂ්ක විජේසිංහද, වයස 19 න් පහළ අවසන් මහ තරගයේදී යුද හමුදාවේ චන්දූප අලහකෝන්ද පරාජය කළ සෙනුර සිල්වා, විවෘත පිරිමි අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය මේසපන්දු සමාජයේ ක්‍රිෂාන් වික්‍රමරත්න පරාජය කරමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය.
බාලිකා වයස 17 න් පහළ අවසන් මහ තරගයේදී කොළඹ මියුසියස් විදුහලේ ඔනෙලි ලෙහන්සාද, වයස 19 න් පහළ අවසන් මහ තරගයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ සඳුනි ප්‍රබුද්ධිකාද පරාජය කළ බිමන්දි බණ්ඩාර, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූයේ විවෘත කාන්තා අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස නාවික හමුදාවේ හංසනී පියුමිලා පරාජය කරමිනි.
කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු සංගමයේ සංවිධානයෙන් කෑගල්ල නගර සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූහ. සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපති රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහත්වරු ප්‍රධාන ආරාධිතයන් ලෙස තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වූහ.
විවෘත පිරිමි
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස ක්‍රිෂාන් වික්‍රමරත්න (විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය මේසපන්දු සමාජය) පරාජය කරන ලදි. (07/11, 11/09, 11/04, 04/11, 11/06)
විවෘත කාන්තා
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඩ් බාලික විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස හංසනී පියුමිලා (නාවික හමුදාව) පරාජය කරන ලදි. (11/08, 11/08, 11/03)
බාලක තරග ප්‍රතිඵල
■ වයස 11 න් පහළ
අගස්තියා ආනන්දිත (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස නවිරු නෙත්සිත (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/02, 10/12, 13/15, 11/06, 11/04)
■ වයස 13 න් පහළ
ජනිත් බටුගෙදර (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස දෙව්මෙත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/09, 10/12, 07/11, 11/07, 11/07)
■ වයස 15 න් පහළ
රෙහාන් සේනානායක (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සෙනුල් රත්නායක (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/07, 11/06)
■ වයස 17 න් පහළ
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස ධනුෂ්ක විජේසිංහ (මහනුවර කිග්ස්වුඩ් විදුහල) පරාජය කරන ලදි. (14/12, 11/05, 08/11, 11/05)
■ වයස 19 න් පහළ
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස චන්දූප අලහකෝන් (යුද හමුදාව) පරාජය කරන ලදි. (11/03, 11/05, 03/11, 11/03)
බාලිකා තරග ප්‍රතිඵල
■ වයස 11 න් පහළ
නිසාඳි නිම්තරා (ගාල්ල සවුත්ලන්ඩ් විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස සසෙමි දිසෙන්ය්‍යා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/05, 11/08, 07/11, 11/06)
■ වයස 13 න් පහළ
තමාදි කාවින්ද්‍යා (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සඳිනිති ජයසිංහ (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/08, 11/06)
■ වයස 15 න් පහළ
චමීෂා තුෂාදි (කෑගලු බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස දිව්‍යා ධරනි (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/05, 11/08)
■ වයස 17 න් පහළ
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඩ් බාලික විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ඔනෙලි ලෙහන්සා (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/05, 11/08)
■ වයස 19 න් පහළ
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඩ් බාලික විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සඳුනි ප්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/08, 12/10, 11/08)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.