Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සෙරීනා තනි වෙළඹක් වේ

සෙරීනා තනි වෙළඹක් වේ

editorial - 2021 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


තම ‍රටේම ක්‍රීඩිකාවක වූ ඩැනියෙල් කොලින්ස්ට එරෙහිව පැවැති තෙවැනි වටයේ තරගයෙන් වට 2-0 ක (6/4, 6/4) ජයක් ලබමින් මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ සිවුවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ඇමරිකාවේ සෙරීනා විලියම්ස් සමත් වූවාය.

මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අතරේ 7 වැනි ස්ථානයේ පසුවන සෙරීනා, 39 හැවිරිදි එක්දරු මවකි.

තවමත් ජවසම්පන්න ක්‍රීඩිකාවක වන ඇය සිවුවැනි වටයේදී කසකස්තාන ක්‍රීඩිකා එලීනා රයිබැකිනාට එරෙහිව හෙට (6 වැනිදා) තරග බිමට පිවිසීමට සූදානමින් සිටින්නීය. රයිබැකිනා මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ 21 වැනි ස්ථානයේ පසුවන්නීය.

මැටි පිටි තරග වලදී සෙරීනාගේ තරග වාර්තා එතරම් යහපත් නොවන අතර අවසන් වරට ඇය ප්‍රංශ විවෘත ශූරතාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ 2016 වසරේදීය. තෙවරක් (2002, 2013, 2015) ප්‍රංශ විවෘත ශූරතාවට හිමිකම් කී සෙරීනා, 2018 වසරේදී මවු පදවිය ලැබීම සඳහා තාවකාලිකව තරග බිමෙන් ඉවත් වූවාය. එහෙත් ඇය  2016 වසරේ සිට මේ දක්වාම ‍එහි සිවුවැනි වටයෙන් ඉදිරියට ගොස් නොමැත.

තෙවැනි වටයේදී ලැබූ ජයත් සමග කාන්තා කේවල තරග සැකැස්මට අනුව තමා ක්‍රීඩා කරන අර්ධයේ ඉතිරිව සිටින ඉහළම‍ ශ්‍රේණිගත ක්‍රීඩිකාව බවටද සෙරීනා පත්වූවාය. ඇයද සමගින්, තරගාවලියේ කාන්තා කේවල ඉසව්වේ අවසන් 16 දෙනා අතරට පැමිණීමට සමත් වී ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 10 තුළ රැදී සිටින ක්‍රීඩිකාවන්ගෙන් සිවු දෙනෙකු පමණි.

ලෝක ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියා‍වේ ඈෂ්ලි බාටි දෙවැනි වටයේ තරගයක් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූවාය. ලෝ ශ්‍රේණිගත කිරීම් අතරේ දෙවැනි ස්ථානයේ පසුවන ජපානයේ නයෝමි ඔසාකා දෙවැනි වටයෙන් පසුව තරගාවලියෙන් ඉවත් වූයේ මාධ්‍ය සාකච්ඡා වලට සහභාගි විය නොහැකි බව පවසමිනි.

ශ්‍රේණිගත කිරීම් අතරේ තෙවැනි ස්ථානයේ රැදී සිටින රුමේනියාවේ සිමෝනා හීල්ප්ද ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගී නොවූවාය.

 මේ අතර ඊයේ පැවැති තවත් තරගයකදී වට 2-1 ක් ලෙස රුසියාවේ ඇනස්ටේෂියා පව්ලිචෙන්කෝවා හමුවේ පරාජය වීමත් සමග ලෝක ශ්‍රේණිගත කිරීම්හි සිවුවැනි ස්ථානයේ පසුවන බෙලරුසයේ අරීනා සබලෙන්කාටද බලාපොරොත්තු නොවූ ලෙස තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.


-036


අදහස් (0)

සෙරීනා තනි වෙළඹක් වේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.