Last Update  :  2025-02-19 11:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සෙරීනාට පැහැදිළි මාවතක් විවර වෙයි

සෙරීනාට පැහැදිළි මාවතක් විවර වෙයි

editorial - 2021 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් වරට පැවැති විම්බල්ඩන් ශූරගාවලියේ කාන්තා ශූරතාව දිනාගත් සිමෝනා හීල්ප් මෙවර තරගාවලියට සහභාගි නොවීම නිසා මෙවර එම ශූරතාව විවෘතව පවතී. එබැවින් එහිදී ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන ඕස්ට්‍රේලියාවේ මාගරෙට් කෝට්ගේ වාර්තාව සම කිරීම සඳහා ඇමරිකාවේ සෙරීනා විලියම්ස්ට වැඩි අවස්ථාවක් පවතී. සිය ක්‍රීඩා දිවිය තුළ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 24 ක් දිනාගැනීමට මාගරෙට් කෝට් සමත් වූ අතර ‍සෙරීනා මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23 ක් ජයගෙන මාගරෙට්ට වඩා එක් ශූරතාවක් පසුපසින් සිටින්නීය.

මෙවර විම්බල්ඩන් තරගාවලියේදී සෙරීනාට සටනක් දිය හැකි ක්‍රීඩිකාවන් අඩුවන හෙයින් ශූරතාව කරා යාමට සෙරීනාට වැඩි අවස්ථාවක් තිබේ. එහෙත් ඇයගේ දීර්ඝකාලීන පුහුණුකරුවා කියන්නේ අනෙක් ක්‍රීඩිකාවන් නොමැතිවීම නොව, සෙරීනාගේම දස්කම් වලින් පමණක් ඇය ශූරතාව කරා යා යුතු බවයි.

ශාරීරික ආබාධයක් නිසා ලෝකයේ අංක 1 හිමි ඈෂ්ලි බෙටී මෙවර විම්බල්ඩන් තරගාවලියට නොඑයි. ලෝකයේ අංක 2 හිමි නයෝමි ඔසාකාද, අංක 3 හිමි සිමෝනා හීල්ප්ද මෙවර විම්බල්ඩන් තරගාවලියෙන් ඉවත්ව සිටිති. අවසන් වරට පැවැති විම්බල්ඩන් තරගාවලියේ (2019) අවසන් මහ තරගයේදී සෙරීනා පරාජය වූයේද සිමෝනාටය.

එහෙත් ඇයගේ පුහුණුකරු පැට්ට්‍රික් මෞරටෙග්ලූ කියන්නේ අැයට අනෙක් ක්‍රීඩිකාවන් සිටීම හෝ නොසිටීම ප්‍රශ්නයක් නොවන බවයි.

“සෙරීනා නියම විදිහට ක්‍රීඩා කරනවා නම් එයාව නතර කරන්න කාටවත් බෑ“ යයි පැට්ට්‍රික් කියයි.

“මම කියන්නේ... එකක් එයා එයාගේ තත්ත්වය සරිලන විදිහට ක්‍රීඩා කරන්න ඕනා. අනෙක එයා දැනගන්න ඕනා තමන් කවුද කියන එකත්. එතකොට එයා නියම සෙරීනා වෙයි.

විම්බල්ඩන් ශූරියට පිරිනැමෙන වීනස් රෝස්වෝටර් බඳුන 7 වතාවක් දිනා සිටින සෙරීනා වසර 2012 ඔලිම්පික් රන් පදක්කම දිනාගත්තේද විම්බල්ඩන් පිටියේදීමය‍. ඇයට තෘණ සහිත ක්‍රීඩාංගණ වලදී අත්වීතීය වාර්තාවක් තිබේ. ඇය අවසන් වරට සහභාගි වූ විම්බල්ඩන් තරගාවලි 4 දීම අවසන් මහ තරගයට පිවිසියාය.

තෘණ පිටි මත පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටය සඳහා ක්‍රීඩක ක්‍රීඩාකාවන් 128 දෙනා බැගින් සහභාගි වන අතර එතැන් පටන් 64 දෙනාගේ වටය, 32 දෙනාගේ වට‍ය, 16 දෙනාගේ වටය, අර්ධ අවසන් පූර්ව වටය, අවසන් පූර්ව වටය සහ අවසන් මහ තරගය දක්වා සියලු තරග පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වේ.


-036


අදහස් (0)

සෙරීනාට පැහැදිළි මාවතක් විවර වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.