Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘සෞඛ්‍ය සේවා අනුග්‍රහකයා’ ලෙස තමන් නවලෝක රෝහල හරහා මුදල් ලබාගත් බවට නඟන චෝදනාව අසත්‍යයක් බවත් එය තමන් තනතුරෙන් ඉවත්වූවාට පසුව එළඹි අනුග්‍රහක ගිවිසුමක් පමණක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට නාමයෝජනා ඉදිරිපත් කර සිටින ජයන්ත ධර්මදාස මහතා අද (13) පෙරවරුවේ පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ වාර්තමාන තත්ත්වය පිළිබඳව කරුණු දැක්වීම මෙම මාධ්‍ය හමුව කොළඹදී ඊයේ පෙරවරුවේ පැවැත්විණි.
එහිදී ජයන්ත ධර්මදාස මහතා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
“අපි ක්‍රිකට් පරිපාලනයට එන්නේ ප්‍රධාන අරමුණු දෙකක් ඇතිවයි. පළමු වැනි එක තමයි වැටිලා තියෙන ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීම. දෙවැන්න මුදල් අවභාවිතය නැති කිරීමයි”
“නවලෝක රෝහල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සෞඛ්‍ය සේවා අනුග්‍රහකයා ලෙස කටයුතු කරමින් මුදල් ලබාගත් බවට චෝදනා කරනවා. මේක මම ඉවත්වුණා පසුව වෙච්ච දෙයක්. මේකට අත්සන් කරලා තියෙන්නේ 2018 වසරේ මැයි මාසයේ ඒ වන විට මම ඉවත් වෙලා”
“මේකට අත්සන් කරලා තියෙන්නේ සභාපති තිලංග සුමතිපාල, උප සභාපතිවරු වූ කේ. මතිවානන් සහ මොහාන් ද සිල්වා, ලේකම් රොෂාන් බියන්වල සහ භාණ්ඩාගාරික ශම්මි සිල්වායි. ඒ වන විට මම ඉවත්වෙලා. මම වසරකට පෙර ඉවත් වෙලා තියෙන්නේ මේ චෝදනාව මට අදාල නෑ”
“නවලෝක රෝහල මෙම අනුග්‍රහයෙන් ක්‍රිකට් ආයතනයට රුපියල් මිලියන 2.8 ක් ගෙවනවා. පළමු වසරේ මිලියන 1.2 ක් සහ දෙවැනි වසරේ රුපියල් මිලියන 1.4 ක් බැගින් ගෙවනවා. මේක ටෙන්ඩර් පටිපාටියට කළ අනුග්‍රහයක ගිවිසුමක්”
“ක්‍රීඩා නීතියේ 32 වැනි වගන්තියට අනුව 2015 වසරේ මා සහ නිශාන්ත රණතුංග සිටි කමිටුව විසුරුවා හැරී බවට ප්‍රකාශ කරනවා. ඒක අසත්‍යයක්. එහිදී වුණේ අපේ නිල කාලය අවසන් වුණා. අපේ කමිටුව තහනම් කළේ නෑ. ඊට පසුව ක්‍රීඩා අමාත්‍යවරයා අතුරු කමිටුවක් පත්කළා. ඒ නිසා අපිට ඒකෙන් ප්‍රශ්නයක් නෑ”
ලේකම් ධූරයට තරග කරන නිශාන්ත රණතුංග මහතා පැවසුවේ මෙහිදී තම කණ්ඩායම බලයට පැමිණි පසු කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවයි.
“මොහාන් ද සිල්වා මහතා 2004 වසරේ කටයුතු කළ කමිටුව 2005 ගැසට් පත්‍රයක් මගින් විසුරුවා හැර තිබෙනවා. එහි සඳහන්ව තිබෙනවා මූල්‍ය ප්‍රශ්නයක් කියන එක. නමුත් කොහෙවත් නෑ ඒ ප්‍රශ්නය විසදාගත්තා කියලා. අතුරු තහනම් නියෝගයක් ගත්තා කියලත් කියනවා. නමුත් එම නඩුව පිළිබඳ කිසිඳු තීරණයක් නෑ”
“අපි 21 වැනිදා පත්වුණා පසුව වැඩපිළිවෙළත් බවට ඉදිරිපත්කර තිබෙනවා. ඒ අනුව ක්‍රීඩාව වෙනුවෙන් වැඩ කරනවා” යැයි නිශාන්ත. මහතා වැඩි දුරටත් පැවසීය.
උප සභාපති ධූරයකට තරග කරන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මාධ්‍ය හමුව අමතමින් පැවසුවේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායමක් නිර්මාණය කිරීම තම ප්‍රධාන කාර්ය බවට පත්ව ඇතැයි බවයි.
“අපි 2015 වසරේ යහපාලන කියලා ආණ්ඩුවක් හැදුවා. අපි හිතුවා ඒ ආණ්ඩුව ක්‍රීඩාව දියුණු කරයි කියලා. පස්ස දොරෙන් ජනාධිපතිවරයා ළගට ආපු පුද්ගලයන් නිසා ඒක කරන්න බැරි වුණා. ඒ නිසා මමත් පැත්තකට වෙලා හිටියා. ඒ මේ කණ්ඩායම මට ආරාධනා කළා ඒ නිසා තමයි මම ආවේ”
“මට ජාතික කණ්ඩායම බාරගෙන කටයුතු කරන්න කියලා තියෙනවා. ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම සූදානම් කිරීම තමයි මගේ පළමු කාර්යය. ලෝක කුසලාන තරගාවලිය ජය ගන්නවා කියන එක පහසු නෑ. ඒත් මට ඕන අවසන් වටයට ගේන්නයි”
“ඒ වගේම රට වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායමක් නිර්මාණය කිරීමයි. අපේ ක්‍රීඩකයන්ගේ දස්කම්වල අඩුවක් මට පෙන්නේ නෑ. වෙන වෙන දේවල් තමයි හදන්න තියෙන්නේ. මම කථා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්‍ෂණික පැත්ත ගැනයි” යැයි අර්ජුන රණතුංග මහතා වැඩි දුරටත් පැවසීය.
මෙම මාධ්‍ය හමුවට රණතුංග පාර්ෂවයෙන් උප සභාපති ධූරයට තරග කරන කේ. මතිවානන්, උප ලේකම් ධුරයට ඉදිරිපත්ව සිටින හිරන්ත පෙරේරා, භාණ්ඩාගාරික ධූරයට තරග කරන ඊස්ට්මන් නාරංගොඩ සහ උප භාණ්ඩාගාරික ධූරයට තරග කරන සංජය සේදර යන මහත්වරු ද සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.