Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සෞදියට දරාගත නොහැකි ප්‍රහාරයක්

සෞදියට දරාගත නොහැකි ප්‍රහාරයක්

editorial - 2024 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉන්දියාවේ බැංගලෝර් නුවරදී දැන් පැවැත්වෙන 13 වැනි ආසියානු කුසලාන  දැල්පන්දු  (නෙට්බෝල්) තරගාවලියේදී ශ්‍රී ලංකාව සෞදි අරාබියට එරෙහිව ලකුණු 118 - 05 ක දැවැන්ත ජයක් ලැබීය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දැල්පන්දු  තරගයක්  ප්‍රතිවාදිනියකට එරෙහිව වැඩිම ලකුණු පරතරයකින් ජය ගත් අවස්ථාවක්  ලෙස පෙරේදා  (19) වාර්තාවූ එම තරග ජය දැක්විය හැකිය.

 

කෙසේවූවත් ආසියානු දැල්පන්දු  තරගාවලියට පළමු වරට ඉදිරිපත්වූ සෞදි  අරාබියට එහිදී මුණ ගැසුණු ශ්‍රී ලංකාව ගිය වර තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් මෙවර තරගාවලියට ඉදිරිපත්ව සිටින ප්‍රබලතම කණ්ඩායම ලෙස සැළකිය හැකිය.

සෞදි ආධුනික ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකාවෙන් එල්ල වූ මෙම දරාගත නොහැකි ප්‍රහාරය කෙතෙක්ද යත් තරගයේ පළමු වටයේදී ප්‍රබල ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 32 ක් රැස් කරද්දී සෞදි කණ්ඩායමට එකී කාලය තුළදී කිසිදු ලකුණක් ලබා ගත නොහැකි විය.

මෙම ජය ශ්‍රී ලංකාව වාර්තා කළේ පළමු තරගය පිලිපීනයට එරෙහිව ලකුණු 71 - 42 ක් ලෙස ජය ගෙන තිබියදීය. ඒ අතර ඊයේ (20) පස්වරුවේදී ශ්‍රී ලංකාව සත්කාරක ඉන්දියාව සමග මූලික වටයේ සිය තෙවැනි තරගයට  සභභාගි වෙමින් තවත් පහසු ජයග්‍රණයක් අපේක්ෂාවෙන් පසු විය.

හෙට (22) ශ්‍රී ලංකාව මූලික වටයේ තවත් තරගයකට සහභාගි වන්නේ ජපානයට එරෙහිවය.


අදහස් (0)

සෞදියට දරාගත නොහැකි ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.