Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු හොකී සම්මේලනය සංවිධානත්වයෙන් ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන ‘ආසියානු හොකී සම්මේලන කුසලාන’ තරගාවලියේ දෙවැනි වටය යටතේ අද (25 වැනිදා) පැවැති තරගයකදී හොං කොං රාජ්‍යය හමුවේ ගෝල 5-4 ක පරාජයක් ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට තරගාවලියේ 7 වැනි හෝ 8 වැනි ස්ථානය වෙනුවෙන් තරග වැදීමට සිදුවිය.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ශ්‍රී ලංකා වේලාවෙන් අද (26 වැනිදා) පස්වරු 3.15 ට තායිලන්තයට එරෙහිව තරග බිමට පිවිසෙන අතර එම තරගයෙන් ජය ලැබුවහොත් ඔවුන්ට තරගාවලියේ 7 වැනි ස්ථානය හිමිවනු ඇත. එහෙත් එහිදී පරාජයට පත්වුවහොත් ඔවුන්ට තරගාවලියේ 8 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවනු ඇත.
‘බී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම, මූලික වටය අවසානයේ එම කාණ්ඩයේ සිවුවැනි ස්ථානයට පත් විය. ඒ අනුව ඔවුන්ට තරගාවලියේ 5 වැනි ස්ථානයත්, 8 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්වූ හොං කොං රාජ්‍යයට එරෙහිව තරග වැදීමට සිදුවිය.
ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ පළමු කාර්තුව නිමාවට පත්වන විට ගෝල 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය. එහෙත් දෙවැනි කාර්තුව තුළ ශ්‍රී ලංකාව එක් ගෝලයක් ලබාගනිද්දී, ගෝල 2 ක් වාර්තා කළ හොං කොං කණ්ඩායම එම කාර්තුව අවසානයේ ගෝල 3-3 ක් ලෙස තරගය සම තතවයට පත් කළේය.
තෙවැනි කාර්තුව තුළ කණ්ඩායම් දෙකම ගෝලය බැගින් ලබාගත් බැවින් ගෝල 4-4 ක් ලෙස තවදුරටත් තරගය සමව පැවැතුණ අතර සිව්වැනි කාර්තුවේදී ජයග්‍රාහී ගෝලය වාර්තා කළ හොං කොං ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතු කරගත්හ. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුරේෂ් රත්නායක සහ ධම්මික රණසිංහ ගෝල 2 බැගින් ලබාගත්හ.
ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේදී ගෝල 2-1 ක් ලෙස ජයගත හැකි වූයේ ඉන්දුනීසියාවට එරෙහිව පැවැති තරගය පමණි. කසකස්තානය හමුවේ ගෝල 3-2 ක් ලෙසත්, බංග්ලාදේශය හමුවේ ගෝල 5-0 ක් ලෙසත් පරාජයට පත්වූ ශ්‍රී ලංකාව, තායිලන්තයට එරෙහිව පැවැති තරගය ගෝල 1-1 ක් ලෙස සමව අවසන් කළේය.
චීන තායිපේ සහ ඕමානය ‘ඒ’ කාණ්ඩයෙන්ද, බංග්ලාදේශය සහ කසකස්තානය ‘බී’ කාණ්ඩයෙන්ද පිරිමි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි. අවසන් පූර්ව තරග අද (25 වැනිදා) පස්වරුවේ පැවැත් වීමට නියමිතව තිබූ අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ 27 වැනිදාය. මෙම තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 10 ක් සහභාගි වී සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.