Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යාපනය හින්දු විද්‍යාලය සහ කොළඹ හින්දු විද්‍යාලය අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති 10 වැනි ‘හින්දුවරුන්ගේ හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ලකුණු 71 කින් ජයගැනීමට කොළඹ හින්දු විද්‍යාලය අද (9 වැනිදා) සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 155 ක ඉලක්කයක් හඹාගිය යාපනය හින්දු විද්‍යාල පිලට දෙවැනි ඉනිමේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 84 ක් පමණි. ලකුණු 22 ක් රැස්කළ ඉන්ගෙරාන් යාපනය හින්දු විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. කේ.චනලක්ෂාන් සහ බී.ආකාෂ් කඩුලු 3 බැගින්ද සෙවාග් සහ ආකාෂ් 21/2 කඩුලු 2 බැගින්ද දවාගනිමින් කොළඹ හින්දු විද්‍යාලය ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.
යාපනය හින්දු විද්‍යාලය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 12 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ කොළඹ හින්දු විද්‍යාල පිල දෙවැනි ඉනිමේදී ලකුණු 143 කට දැවී ගියේය. ලකුණු 44 ක් රැස්කළ නිකේෂන් කොළඹ හින්දු විද්‍යාලය වෙනුනේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.
පළමු ඉනිමේදී මෙන් දෙවැනි ඉනිමේදීද පන්දුවෙන් දස්කම් දැක්වූ කෝබිරාන් ලකුණු 58 කට කඩුලු 6 ක් දවාගත්තේය. කෝබිරාන් ලකුණු 81 කට කඩුලු 11 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වුවද යාපනය හින්දු විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට අපොහොසත් විය.
කොළඹ හින්දු විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 47 කදී සියලුදෙනා දැවී 102
(නිකේෂන් 31, කජනාත් 08/3, කෝබිරාන් 23/5)
යාපනය හින්දු විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 44.1 කදී සියලුදෙනා දැවී 90
(සංතෝෂ් 20, බී.ආකාෂ් 18/5, කේ.චනලක්ෂාන් 14/3)
කොළඹ හින්දු විද්‍යාලීය දෙවැනි ඉනිම - ඕවර 60 කදී සියලුදෙනා දැවී 143
(නිකේෂන් 44, හරේන්ද්‍ර ප්‍රසාද් නොදැවී 21, බී.ආකාෂ් 21, කෝබිරාන් 58/6, සංතොෂ් 36/4)
යාපනය හින්දු විද්‍යාලීය දෙවැනි ඉනිම - ඕවර 31.5 කදී සියලුදෙනා දැවී 84
(ඉන්ගෙරාන් 22, කේ.චනලක්ෂාන් 06/3, බී.ආකාෂ් 19/3, සෙවාග් 06/2, ආකාෂ් 21/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.