Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හතුරුසිංහ දකුණු අප්‍රිකාවට යයි

හතුරුසිංහ දකුණු අප්‍රිකාවට යයි

Nisanka Sandeepani - 2019 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ටෙස්ට් පිලත් සමඟ දකුණු අප්‍රිකාවට පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 

හතුරුසිංහ මහතාගේ සේවය දිගන් දිගටම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මේ වන විට බොහෝ විවාද කෙරෙමින් පවතින අතර ඒ මහතා දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගි නොවණු ඇතැයි ද වාර්තා පළවිය.  ශ්‍රී ලංකා පිලේ පිතිහරඹ පුහුණුකරුවා ලෙස තාවකාලිකව ඕස්ට්‍රේලියානු  සංචාරයට එක්වූ අවිෂ්ක ගුණවර්ධන මහතා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය. 

තිලාන් සමරවීර මහතා ඉවත් කිරීමෙන් පසුව පිතිහරඹ පුහුණුකරුවා වශයෙන් පත්වීම් ලද ජෝන් ලුවිස් මහතා එංගලන්තයේ සිට ඩර්බන් නුවරට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිතය. ජෝන් ලුවිස් මහතා පෞද්ගලික හේතුවක් මත ඕස්ට්‍රේලියානු  සංචාරය අතරතුරදී එංගලන්තය බලා පිටත්ව ගියේය.  

දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත් කළ දිනේෂ් චන්දිමාල්, ඩිල්රුවන් පෙරේරා, රොෂේන් සිල්වා සහ සධීර සමරවික්‍රම යන ක්‍රීඩකයන් අද (06 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 
    

 


අදහස් (0)

හතුරුසිංහ දකුණු අප්‍රිකාවට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.