Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හරිඳු ශා. තෝමස් පිලට සවිය ගෙනෙයි

හරිඳු ශා. තෝමස් පිලට සවිය ගෙනෙයි

රොෂාන් ගුණරත්න - 2019 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හරිඳු ජයසේකර (105) පවුරක් මෙන් අන්තයක් ආරක්‍ෂාකරගනිමින් රැස්කළ ශතකය නිසා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයට එරෙහිව පැවැත්වෙන 119 වන ‘රුහුණු මහා නිල් හටන‘ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (23) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු හයක් දැවී ලකුණු 289 ක් රැස්කර සිටියේය. 

දෙවැනි දිනය අවසන් වන විට ශාන්ත තෝමස් විදුහල් පිල කඩුලු හතරක් අතැතිව ලකුණු 62 ක් පසු පසින් සිටියේය.

ශාන්ත තෝමස් විදුහල් පිල අද දිනයේ ඕවර 90 දී කඩුලු හතරක් පමණක් ලබාදෙමින් තුන්දින තරගයකට වඩාත් ගැළපෙන පිතිහරඹයක නිරත වීම කැපී පෙනුණි. හරිඳු ජයසේකර අවස්ථානුකූල ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 193 කදී හතරේ පහර 16 ක් සමගින් ලකුණු 105 ක් රැස්කිරීමට සමත් විය. 

හරිඳු එම ඉනිමේදී සිනෙත් සිතාර (32) සමඟ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 83 ක ද, නායක මිහිසල් අමෝද (58) සමඟ එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 92 ක ද, අනගි සම්බන්ධතා දෙකක් පැවැත්වීය. 

නායක මිහිසල් අමෝද පන්දු 124 ක් කඩුල්ල ආරක්‍ෂාකරගනිමින් හතරේ පහර 10 ක් ද සමගින් ලකුණු 58 ක් රැස් කළේය.  

තරගයේ පළමු දිනය වූ ඊයේ (22) ක්‍රීඩාව අවසන් කරන විට ශාන්ත තෝමස් විදුහල කඩුලු දෙකක් දැවී ලකුණු 28 ක් පමණක් ලබා සිටියේය. 

තෙදින තරගයක් වන මෙම තරගයේ හෙට (24) තෙවැනි සහ අවසන් දිනයයි. 

ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම ඕවර 79 කදී කඩුලු 6 ට 351
(චිහාන් කලිදු 114, රිසිර ලක්වින් නොදැවී 128, ශෂික දුල්ෂාන් 45, පුෂ්පික ඩිල්ෂාන් 26, පසිඳු මනුප්‍රිය 21, සචිර රෂ්මික 78/2, හිරන්ත ලක්‍ෂාන් 17/2)

ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම ඕවර 99 කදී කඩුලු 6 ට 289
(හරිඳු ජයසේකර 105, මිහිසල් අමෝද 58, සිනෙත් සිතාර 32, වෝෂිත අත්සර 15, ගිසන්තික ජයවීර නොදැවී 28, චරිත් හර්ෂණ 30/2, පසිඳු මනුප්‍රිය 65/2, චේතක දෙනුවන් 24/2)

 

අදහස් (0)

හරිඳු ශා. තෝමස් පිලට සවිය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.