Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ටී.එස්. මේසපන්දු විද්‍යායතනය සංවිධානය කළ සමස්ත ලංකා ආධුනික සහ අන්තර් මධ්‍යස්ථ මේසපන්දු තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට මහනුවර විද්‍යාර්ථ විදුහලේ හර්ෂ කාශ්‍යප් සහ මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලේ හසිනි දුල්ලෑව සමත් වූහ.
අන්තර් මධ්‍යස්ථ පිරිමි සහ ආධුනික පිරිමි අවසන් මහ තරගය වලදී මහනුවර ධර්මරාජ විදුහලේ සෙනුල් රත්නායක පරාජය කළ හර්ෂ කාශ්‍යප්, ඉන් නොනැවතී වයස 19 න් පහළ අවසන් මහ තරගයේදී කොළඹ ආනන්ද විදුහලේ හිමෙත් හේවසිංහද පරාජය කරමින් ත්‍රිත්ව ශූරතා දිනා ගත්තේය.
වයස 15 න් පහළ අවසන් මහ තරගයේදී මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේ රොෂේන් ආර්නෝල්ඩා පරාජය කළ හසිනි දුල්ලෑව, අන්තර් මධ්‍යස්ථ කාන්තා අවසන් මහ තරගයේදී කොළඹ විහාරමහා දේවි බාලිකා විදුහලේ මිනාදි සවිඳුලා පරාජය කරමින් ද්විත්ව ශූරතා දිනා ගත්තාය.
ඇයට තෙවැනි ශූරතාව අහිමි වූයේ ආධුනික කාන්තා අවසන් මහ තරගයේදී මහනුවර උසස් බාලිකා විදුහලේ නවෝද්‍යා මුණසිංහ හමුවේ පරාජයට පත්වීම හේතුවෙනි. කොළඹ විශාකා විදුහලේ දිසාලි රණසිංහද එහිදී ද්විත්ව ශූරතා දිනා ගත්තාය.
සබරගමුව පළාත් මේසපන්දු සංගමයේ සහයෝගය ඇතිව කෑගල්ල නගරසභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූහ.
තරග ප්‍රතිඵල (බාලක)
වයස 9 න් පහළ
කෙනුර සිල්වා (කොළඹ නාලන්දා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස සෙනන් දුල්ජිත් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (13/11, 11/05)
වයස 11 න් පහළ
දිනුල අත්තනායක (ගම්පහ බණ්ඩාරනායක විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස යෝෂිත විහඟසිරි (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/08)
වයස 13 න් පහළ
අකින් සුරංග (සී.එස්. විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස ලක්ෂාන් කාවින්ද (බටපොල මැදි විදුහල) පරාජය කරන ලදි. (08/11, 11/08, 11/08)
වයස 15 න් පහළ
බිම්සර රත්නායක (කුරුණෑගල මලියදේව විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස අමිල උදාර (කුරුණෑගල මලියදේව විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/09)
වයස 17 න් පහළ
අමිල උදාර (කුරුණෑගල මලියදේව විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස හිමෙත් හේවසිංහ (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/01, 11/06)
වයස 19 න් පහළ
හර්ෂ කාශ්‍යප් (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස හිමෙත් හේවසිංහ (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/06)
තරග ප්‍රතිඵල (බාලිකා)
වයස 9 න් පහළ
ෂෙනෙලා ශවින්දි (ගම්පහ සිරිකුරුස විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස රනුමි පටබැඳි (මහනුවර උසස් බාලිකා විදුහල) පරාජය කරන ලදි. (15/13, 12/10)
වයස 11 න් පහළ
මෙලීෂා ඇන්තනී (යහපත් එඬේරාගේ කන්‍යාරාමය) විසින් තරග වට 2-1 ක් ලෙස සසිනි පනාගොඩ (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (09/11, 11/06, 11/07)
වයස 13 න් පහළ
වීනාරා පුන්සිරි (කරන්දෙණිය මැදි විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ලකිත්මා සෝමචන්ද්‍ර (මහනුවර උසස් බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/02)
වයස 15 න් පහළ
හසිනි දුල්ලෑව (මහනුවර හිල්වුඩ් බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස රොෂේන් ආර්නෝල්ඩා (මහනුවර ශාන්ත අන්තෝනි විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/08)
වයස 17 න් පහළ
දිසාලි රණසිංහ (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ටිෂානි සතියාදාස් (කොළඹ මෙතෝදිස්ත විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/07)
වයස 19 න් පහළ
දිසාලි රණසිංහ (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස මිනාදි සවිඳුලා (කොළඹ විහාරමහා දේවි බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/09)
තරග ප්‍රතිඵල (කාන්තා සහ පිරිමි)
අන්තර් මධ්‍යස්ථ පිරිමි
හර්ෂ කාශ්‍යප් (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස සෙනුල් රත්නායක (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (11/09, 07/11, 11/01)
අන්තර් මධ්‍යස්ථ කාන්තා
හසිනි දුල්ලෑව (මහනුවර හිල්වුඩ් බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස මිනාදි සවිඳුලා (කොළඹ විහාරමහා දේවි බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/09)
ආධුනික පිරිමි
හර්ෂ කාශ්‍යප් (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස සෙනුල් රත්නායක (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (11/09, 13/11)
ආධුනික කාන්තා
නවෝද්‍යා මුණසිංහ (මහනුවර උසස් බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස හසිනි දුල්ලෑව (මහනුවර හිල්වුඩ් බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/05, 11/09)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.