Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
එල්ල කළ චෝදනා අටෙන් හතකටම වැරදිකරු කරමින් හිටපු ජාතික කායවර්ධන පුහුණුකරුවකු මෙන්ම ජාත්‍යන්තර පදක්කම් දිනූ හිටපු කායවර්ධන ක්‍රීඩකයකු වන පී.කේ. නිරංජන් කුමාර මහතාට වසර 10 ක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් කායවර්ධන සම්මේලනයේ සභාපති රන්දීර් රුද්‍රිගු මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, පසුගිය ජනවාරි 17 වැනිදා සිට ක්‍රියාත්මක වන ඔහුගේ තහනම වසර 2035 ජනවාරි 16 වැනිදා දක්වා බලපැවැත්වෙන බවයි. එකී කාලය ගෙවා අවසන් වන තුරු මෙරට කායවර්ධන ක්‍රීඩා කේෂ්ත්‍රයේ නිලතල දැරීම හා වෙනත් කිසිදු ආකාරයේ එකී කටයුත්තකට මැදිහත්වීමට ඔහුට තහනම් කර ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.
කායවර්ධන සම්මේලනයේ විනය කමිටුව විසින් නිරංජන් කුමාර මහතාට අදාළ දඬුවම නිර්දේශ කිරීමේදී ඔහුට එල්ලවී තිබෙන චෝදනා අතර, මුහුණු පොත හා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කායවර්ධන සම්මේලනය අපකීර්තියට පත් වන ආකාරයෙන් විවේචන එල්ල කිරීමද දැක්වේ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැරදි පූර්වාදර්ශයන් ලබාදීම, ජාතික සම්මේලනයේ පුහුණුකරු වශයෙන් සිට මෙම නීති විරෝධි ක්‍රියාවලියේ නිරත වීමෙන් එහි නිලධාරීන් අවතක්සේරුවට පත් කිරීම, චෝදනාවන් ගොනු කර තිබියදීත් සම්මේලනයේ ව්‍යවස්ථාව හා චක්‍ර ලේඛන උල්ලංඝණය කරමින් එහි පරිපාලනය සමාජ මාධ්‍ය තුළින් අභියෝගයට ලක් කිරීම, එමගින් සම්මේලනය කෙරෙහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශ්වාසය බිද දැමීම, 2025 වසරට කායවර්ධන සම්මේලනයේ තරග දින දසුනට ඇතුළත් නොවූ තරගාවලියක් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම යන චෝදනා එහිදී ඔහුට එරෙහිව ඉදිරිපත් විය.
ඒ අනුව එල්ලවී තිබෙන එකී චෝදනා බරපතළ වන බැවින් විනය කමිටුවේ නිර්දේශයන්ට හා විධායක සභාවේ ඒකමතික තීරණයන්ට අනුව මෙම තහනම පැනවූ බවත් කායවර්ධන සම්මේලනයේ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට තමන්ට එල්ල වූ චෝදනා පත්‍රය සම්බන්ධයෙන් නිරංජන් කුමාර මහතා නිදහසට කරුණු දැක්වීමක් කළත් විනය කමිටුව එය ප්‍රතික්ෂේප කරමින් අදාළ දඬුවම නිර්දේශ කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.