Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පෝලන්තයේ හියුබට් හර්කාස්ට එරෙහිව ඊයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගය වට 3-0 ක් ලෙස පරාජය වීම හේතුවෙන් ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර්ට මෙවර විම්ලබල්ඩන් ශූරතාවලියෙන් ඉවත් වීමට සිදුවිය. මේ වන විට ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ පසුවන ෆෙඩරර්, වැඩිම විම්බල්ඩන් ශූරතා සංඛ්‍යාවකට (8) හිමිකම් කියන ක්‍රීඩකයාද වේ.
අර්ධ අවසන් පූර්ව තරගයේ පළමු වටය ලකුණු 6-3 ක් ලෙස හර්කාස්ට තරගයක් නොදීම පරාජයට පත්වූ ෆෙඩරර්, දෙවැනි වටයේදී ඔහුව සම ලකුණු බිඳීමේ වටටක් දක්වා රැගෙන ආවේය. එහෙත් එම වටයද ලකුණු 7-6 ක් ලෙස ජයගත් හර්කාස්, තෙවැනි වටයේදී (6-0) ෆෙඩරර්ට එක් ලකුණුක් හෝ ලබා ගැනීමට ඉඩක් ලබා නොදුන්නේය.
තිස්නම හැවිරිදි ෆෙඩරර් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලියක අර්ධ අවසන් පූර්ව තරගයකදී පරාජයට පත් වූ 12 වැනි අවස්ථාව මෙය වන අතර තවමත් 24 වැනි වියේ පසුවන හර්කාස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලියක අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙය විය. හර්කාස් මේ වන විට ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 17 වැනි ස්ථානයේ පසුවේ.
මෙම පරාජයත් සමග ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩකයා බවට පත්වීමේ තනි අයිතිය තමන් සතුකර ගැනීමේ අවස්ථාව ෆෙඩරර්ගෙන් ගිළිහී ගියේය. මේ වන විට ඔහු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 ක් ජයගෙන ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමග ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ලාභීන් ලෙස සම වාර්තාවට හිමිකම් කියයි.
විම්බල්ඩන් ශුරතා 8 ක්, ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 6 ක්, ඇමරිකානු විවෘත ශුරතා 5 ක් සහ එක් ප්‍රංශ විවෘත ශූරතාවක් සමග ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20 ක් දිනාගැනීමට ෆෙඩරර් සමත්ව සිටින අතර නඩාල් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20 ක් දිනාගැනීමට සමත්ව ඇත්තේ ප්‍රංශ විවෘත ශූරතා 13 ක්, ඇමරිකානු විවෘත ශුරතා 4 ක්, විම්බලඩන් ශූරතා 2 ක් සහ එක් ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවක් සමගිනි.
ෆෙඩරර් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් හර්කාස්ට හෙට (9 වැනිදා) ඉතාලියේ මෙටේයෝ බෙරෙටිනිට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත. මෙටේයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී වට 3-1 ක් ලෙස කැනඩායෝ ෆීලික්ස් ඕගර් පරාජය කරමිනි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.