Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ෆොක්ස් හිල් චෙස් සැණකෙළිය 30 දා සිට

ෆොක්ස් හිල් චෙස් සැණකෙළිය 30 දා සිට

යොහාන් භාසුර - 2019 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදා චෙස් කමිටුව පළමු වරට සංවිධානය කරන ‘ෆෝක්ස් හිල් චෙස් ෆියෙස්ටා - 2019 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය දියතලාව, ශ්‍රී ලංකා යුද හමුදා පුහුණු පාසලේදී පැවැත්වෙයි. මෙම තරගාවලිය සිකුරාදා (30) සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා පැවැත්වේ.

මෙම තරගාවලියට යුද, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා, පෞද්ගලික ආයතනය සහ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් කණ්ඩායම් 34 ක් සහභාගි වීමට නියමිතය. වයස 20 න් ඉහළ කණ්ඩායම් තරගාවලියක් වන මෙම තරගාවලියේ කණ්ඩායමකට සාමාජිකයන් පස්දෙනකු ඇතුළත් වන අතර තරගයක් වට හතකින් සමන්විත වේ.

ආබාධිත රණ විරුන්ගෙන් සමන්විත කණ්ඩායම් ඇතුළු ත්‍රිවිධ හමුදා කණ්ඩායම් 16 ක්, විශ්වවිද්‍යාල කණ්ඩායම් තරගාවලියට සහභාගි වන බව සංවිධාකයෝ පවසති.

තරගාවලියේ විවෘත අංශයේ ශූරයන්ට රුපියල් 80,000 ක්, අනු ශූරයන්ට රුපියල් 50,000 ක් සහ තෙවැනි ස්ථානයට රුපියල් 30,000 ක් ත්‍යාග පිරිනැමේ. කාන්තා ශූරතාවට රුපියල් 50,000 ක් සහ අනු ශූරතාවට රුපියල් 30,000 ක් ද, අබාධිත රණවිරු ශූරතාවට රුපියල් 30,000 ක් ද, ත්‍යාග පිරිනැමීමට නියමිතය. ඊට අමතරව රුපියල් 6,000 බැගින් පුවරු ත්‍යාග පහක් ද පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය දියතලාව නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේදී සැප්තැම්බර් 2 වැනිදා පස්වරුවේ ශ්‍රී ලංකා යුද හමුදා බටහිර සේනාංකාධිපති මේජර් ජෙනරල් එල්. එම්. මුදලිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. යුද හමුදා චෙස් කමිටු සභාපති බි්‍රගේඩියර් ජී. එම්. සී. කේ. බී. ඒකනායක මහතා පැවසුවේ යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්ට චෙස් ක්‍රීඩාව මහත් අස්වැසිල්ලක් බවට පත්ව ඇති බවයි.

“යුද හමුදාව තුළ චෙස් ක්‍රීඩාව ජනප්‍රිය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ආබාධිත රණවිරුවකු වන ලුතිනන් කර්නල් යාපා ආසියානු තරගාවලියට සහභාගි කරවන්න අපිට හැකියාව ලැබුණා. ඒ පිළිබඳව යුද හමුදාව ලෙස අපි සතුටට පත්වෙනවා”

“මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම්වලට තරගාවලිය සැණකෙළියක ස්වරූපයක් ගෙන ඒම සඳහා මෙම දින හතර තුළ දියතලාවේ අපි විවිධ විශේෂාංග සූදානම් කර තිබෙනවා” යැයි ද බි්‍රගේඩියර් ඒකනායක මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට යුද හමුදා චෙස් කමිටුවේ උප සභාපති ලුතිනන් කර්නල් එම්. එච්. එස්. පී. සේනාරත්න, යුද හමුදා චෙස් කමිටුවේ ලේකම් මේජර් එන්. ජී. ඒ. ජේ. එම්. සමරසිංහ, යුද හමුදා ප්‍රධාන චෙස් පුහුණුකරු ඩී. එස්. ඒ. ඩබ්ලිව්. ආර්. පෙරේරා සහ සහාය චෙස් පුහුණුකරු සංජුල රවිනාත් යන මහත්වරු ද සහභාගි වූහ.

 


අදහස් (0)

ෆොක්ස් හිල් චෙස් සැණකෙළිය 30 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.