Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යාපනය මධ්‍ය විද්‍යාලය සහ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය අතර යාපනය මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති 113 වැනි ‘උතුරු හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (9 වැනිදා) අවසන් විය. තුන්දින තරගයක් වන මෙම තරගය යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
ජයග්‍රහණය සඳහා ලකුණු 232 ක ඉලක්කයක් හඹාගිය යාපනය මධ්‍ය විද්‍යාලයට තරගයේ තෙවැනි සහ අවසන් දිනයවූ අද තරගය අවසන් වනවිට සිය දෙවැනි ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 176 ක් පමණි. එස්.මදුෂාන් (65) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම්දැක්වූ අතර ඉලයරාසන් කමලරාසා ලකුණු 27 ක් සහ එස්.සරන්දන් ලකුණු 25 ක් රැස්කිරීමට සමත්වූහ.
සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශාන්ත ජෝන් විදුහල දෙවැනි දිනය වූ ඊයේ (8 වැනිදා) තරගය නතර කරනවිට කිසිවකු නොදැවී ලකුණු 121 ක් රැස්කර සිටි අතර කඩුලු 9 කට ලකුණු 245 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීමට අද තීරණය කළේය. එස්. තනූජන් (66) සහ එම්. සෞම්යම් (50) අර්ධ ශතක ලබාගනිමින් යාපනය මධ්‍ය විදුහලට අභියෝග කළ හැකි මට්ටමකට ශාන්ත ජෝන් විදුහල ගෙන යෑමට සමත්වූහ.
වියස්කාන්ත් විජයකාන්ත් කඩුලු 4 ක් සහ එස්.මදුෂාන් කඩුලු 3 ක් දවාගනිමින් යාපනය මධ්‍ය විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 181
(දිනෝෂන් තිවේන්ද්‍රම් 98, අභිනාෂ් මුර්ෆින් 24, ඉලයරාසන් කමලරාසා 54/5, වියස්කාන්ත් විජයකාන්ත් 43/3)
යාපනය මධ්‍ය විදුහල් පළමු ඉනිම - ඕවර 79.2 කදී සියලුදෙනා දැවී 195
(කේ. ඉලයරාසන් 77, වී. වියස්කාන්තන් 41, ඒ. ජයදර්ශන් 21, ඒ. සරන් 54/3, එල්ෂාන් දුනුෂාන් 11/2, එම්. හේමදුෂාන් 20/2, ටී. විනෝෂන් 25/2)
ශාන්ත ජෝන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 89 කදී කඩුලු 9 ක් නොදැවී 245
(එස්. තනූජන් 66, එම්. සෞම්යම් 50, ඒ.අභිෂේක් නොදැවී 31, දිනෝෂන් තිවේන්ද්‍රම් 24, වියස්කාන්ත් විජයකාන්ත් 88/4, එස්.මදුෂාන් 51/3)
යාපනය මධ්‍ය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 40 කදී කඩුලු 7 ක් දැවී 176
(එස්.මදුෂාන් 65, ඉලයරාසන් කමලරාසා 27, එස්.සරන්දන් 25, එම්.අභිනාෂ් 29/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.