‘නීල ලෝහිත හටන’ විසඳුමකින් තොරයි
වාද්දුව මධ්‍ය විද්‍යාලය සහ වේයන්ගොඩ මාරපොල මහා විද්‍යාලය අතර බණ්ඩාරගම නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ‘නීල ලෝහිත හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව අද (5) අවසන්විය.
කාසියේ වාසිය දිනූ මාරපොල මහා විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සඳහා වාද්දුව මධ්‍ය විද්‍යාලයට ආරාධනා කළ අතර සියලුදෙනා දැවී පළමු ඉනිම සඳහා ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 136 ක් පමණි.
විශිෂිට පන්දු යැවීමක නිරතවූ නිමේෂා තරුණි ලකුණු 41 කට කඩුලු 6 ක් සහ නිපුනි නවෝද්‍යා ලකුණු 44 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
වාද්දුව මධ්‍ය විද්‍යාලය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට පිළිතුරු ලෙස මාරපොල මහා විද්‍යාලයට පළමු ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 67 ක් පමණි.
ඉනුෂි සෙනුරිකා කඩුලු 4 ක් ද තරූෂී සංජනා සහ නෙත්මි සංජනා කඩුලු 3 බැගින් දවාගනිමින් මාරපොල මහා විද්‍යාලීය ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.
ලකුණු 69 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ මාරපොල මහා විද්‍යාලය දිනය අවසන් වනවිට ලකුණු 14 කට කඩුලු 3 ක් අහිමිකර ගෙන සිටියේය.
මෙම තරගය එක් දිනයකට සීමා වුවද කණ්ඩායම් දෙකටම ඉනිම දෙක බැගින් හිමිවිය.
වාද්දුව මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 34.4 කදී සියලුදෙනා දැවී ලකුණු 136
(නවෝද්‍යා ප්‍රනාන්දු 53, ඉෂානී පෙරේරා 40, නිපුනි නවෝද්‍යා 44/4, නිමේෂා තරුණි 41/6)
මාරපොල මහා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 46.2 කදී සියලුදෙනා දැවී ලකුණු 67
(නිමේෂා තරුණි 14, ඉනුෂි සෙනුරිකා 21/4, තරූෂී සංජනා 10/3, නෙත්මි සංජනා 14/3)
මාරපොල මහා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 8.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 14