Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ කටුනායක නව අධි වේගී මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් ඊයේ එම මාර්ගයේ පැවති රේසින් පාපැදි තරගයේ ජය ප‍්‍රවීන පාපැදි තරගකරුවෙකු වන සී.පී. මීමනගේට හිමි විය.
එක පොකුරට තරගය නිමා කළ තරගකරුවන් පිරිසක් අතරින් ජයග‍්‍රහකයා ලෙස තෝරා ගැණුනු මීමනගේ එම ජයග‍්‍රහනය වෙනුවෙන් රුපියල් 50000ක මුදල් ත්‍යාගයක් ලැබීය.
එහිදී 10 වැනි ස්ථානය තෙක් පැමිණි තරගකරුවන් සියළු දෙනා ජයග‍්‍රහකයා හා සම නිමි කාලයක් වාර්තා කිරීම කැපී පෙණුනි.
ගම්පහ දිස්ති‍්‍රක් පාපැදි සංගමයේ සභාපති ප‍්‍රවීන් බාලසූරිය මහතා පැවසුවේ තරගයට තරගකරුවන් සියයකට අධික පිරිසක් සහභාගිවූ බවය.
නව අධිවේගී මාර්ගයට කොළඹින් ඇතුළුවන පෑලියගොඩ පිවිසුම් ස්ථානය ඉදිරිපිටින් තරගය ආරම්භ කෙරිණි. එතැන් සිට අධිවේගී මග ඔස්සේ කටුනායකට ගොස් නැවත එම මාර්ය ඔස්සේ පෑලියගොඩට පැමිණ අවසන් වූ තරගයේ මුළු දුර කිලෝමීටර 52කි.
පාපැදි අතුරු කමිටුව ගම්පහ සංගමයේ අධීක්‍ෂණයෙන් කැළණිය ප‍්‍රාදේශීය සභාවේ සහයෝගයෙන් තරගය සංවිධානය කළේය. එම අවස්ථාවට කැළණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර, නියෝඩ්‍ය ඇමති ලසන්ත අලගියවන්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ. ප‍්‍රධාන තරග විනිසුරුවරයා ලෙස ජාතයන්තර පාපැදි විනිසුරු එන් කරුණාරත්න මහතා කටයුතු කළේය.
තරග ප‍්‍රතිඵල
1. සී.පී. මීමනගේ (යුද හමුදා - පැය 1 විනාඩි 14 තත්ත්පර 44)
2. සුධීර තිලංක (පොලිස්)
3. ප‍්‍රසන්න මැඩෝනා (ජර්මන් - ශ්‍රී ලංකා)
4. නිශාන්ත ප‍්‍රසන්න (යුද හමුදා)
5. ඉෂාන් සඳකැළුම් (නාවික)
6. නදීෂාන් සිල්වා (නාවික හමුදාව)
7. උපුල් ලොකුගේ (පොලිස්)
8. ඬේන් නුගේරා (ගුවන් හමුදාව)
9. රංගජීව පෙරේරා (යුද හමුදාව)
10. පී මධුසංඛ (නාවික හමුදාව)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.