Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner අනීකා ත්‍රිත්ව ශූරතාව පෙනෙන මානයේ

අනීකා ත්‍රිත්ව ශූරතාව පෙනෙන මානයේ

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ටෙනිස් ශූරතාවලියේ විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගත් අනිකා සෙනෙවිරත්න තරගාවලියේ විවෘත කාන්තා යුගළ සහ විවෘත මිශ්‍ර යුගළ යන ඉසව්වලද අවසන් මහ තරග සඳහාද සුදුසුකම් ලබා සිටින්නීය. ඒ අනුව ඇයට මෙවර තරගාවලියේදී ත්‍රිත්ව ශූරතාවක් දිනාගැනීම සඳහා අනගි අවස්ථාවක් හිමිව තිබේ.

අනිකා සෙනෙවිරත්න විවෘත කාන්තා කේවල ශූරතාවට හිමිකම් කීවේ අද (7 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස රොෂෙන්කා ප්‍රනාන්දු පරාජය කරමිනි. ලකුණු 6/0 ක් ලෙස තරගයේ පළමු වටය පහසුවෙන්ම ජයගැනීමට අනිකා සෙනෙවිරත්න සමත් වුවද, ලකුණු 6/1 ක් ලෙස දෙවැනි වටය ජයගැනීමට රොෂෙන්කා ප්‍රනාන්දු සමත් වීමත් සමග තරගය සම තත්ත්වයට පත් විය.

ඒ අනුව තෙවැනි වටය ක්‍රීඩිකාවන් දෙදෙනාටම ඉතා තීරණාත්මක වූ අතර දෙවැනි වටයේදී තමා අතින් සිදුවූ වැරදි තෙවැනි වටයේදී නිවැරදි කරගත් අනිකා, ලකුණු 6/1 ක් ලෙස ඉන් ජය ලැබුවේ වට 3-2 ක් ලෙස සමස්ත තරගයේ ජයද තමන් සතු කරගනිමිනි.

අවසන් පූර්ව වටයේදී වට 2-0 ක් ලෙස (7/6 සහ 6/2) ජනාලි මනම්පේරි පරාජය කරමින් රොෂෙන්කා ප්‍රනාන්දු අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර අනිකා සෙනෙවිරත්න අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ එහිදී වට 2-0 ක් ලෙස (6/0 සහ 6/2) ෂෙනාලී වීරසේකර පරාජය කරමිනි.

ජිත්මී ජයවික්‍රම සමග එක්ව විවෘත කාන්තා යුගළ ඉසව්වට සහභාගි වන අනිකා, හිටපු ජාතික ශූරයකු වන දිනේෂ්කාන්තන් තංගරාජා සමග එක්ව විවෘත මිශ්‍ර යුගළ ඉසව්ව සඳහා තරග වදින්නීය.

ඒ අනුව අනිකා සහ දිනේෂ්කාන්තන් හෙට (8 වැනිදා) පැවැත්වෙන විවෘත මිශ්‍ර යුගළ ඉසව්වේ අවසන් මහ තරගයේදී මේධිරා සමරසිංහට සහ සංඛ අතුකෝරලට එරෙහිව තරග වදිති. අනිකා සහ ජිත්මි විවෘත කාන්තා යුගළ ඉසව්වේ අවසන් මහ තරගයේදී රොෂෙන්කා ප්‍රනාන්දුට සහ රුක්ෂිකා විජේසූරියට එරෙහිව තරග වැදීමට නියමිත අතර එම තරගය පැවැත්වෙන දිනයක් තවමත් නිෂ්චිත වශයෙන් ප්‍රකාශයට පත්කර නැත.

මේ අතර තරගාවලියේ විවෘත පිරිමි අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට නිෂාංගන් නඩරාජා සහ සංඛ අතුකොරල සමත්ව සිටින අතර එම ඉසව්වේ අවසන් මහ තරගය ලබන සෙනසුරාදා (10 වැනිදා) පැවැත්වීමට කටයුතු යෙදා ඇත.

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය 102 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලිය මේ මස 15 වැනිදා දක්වා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 


අදහස් (0)

අනීකා ත්‍රිත්ව ශූරතාව පෙනෙන මානයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.