Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner අනීකා ත්‍රිත්ව ශූරතාව දිනාගනී

අනීකා ත්‍රිත්ව ශූරතාව දිනාගනී

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ටෙනිස් ශූරතාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගත් අනීකා සෙනෙවිරත්න, එහි කාන්තා යුගළ සහ මිශ්‍ර යුගළ යන ඉසව්ද ජයගනිමින් ත්‍රිත්ව ශූරතාවක් දිනාගැනීමට සමත් වූවාය.

හිටපු ජාතික ශූරයකු වන දිනේෂ්කාන්තන් තංගරාජා සමග එක්ව විවෘත මිශ්‍ර යුගළ ඉසව්වට සහභාගි වූ අනිකා සෙනෙවිරත්න එහි අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස (6/1 සහ 7/5) සංඛ අතුකෝරල සහ මේදිරා සමරසිංහ පරාජය කළාය. ඉන් අනතුරුව ජිත්මී ජයවික්‍රම සමග එක්ව කාන්තා යුගළ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස (6/2 සහ 6/1) රොෂෙන්කා ප්‍රනාන්දු සහ රුක්ෂිකා විජේසූරිය පරාජය කිරීමටද අනිකා සමත් වූවාය.
 
ඇය විවෘත කාන්තා කේවල ශූරතාවට හිමිකම් කීවේ ඉකුත් 7 වැනිදා පැවැති අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස රොෂෙන්කා ප්‍රනාන්දු පරාජය කරමිනි.

නිෂාංගන් නඩරාජා සහ සංඛ අතුකොරල අතර පැවැත්වෙන තරගාවලියේ පිරිමි කේවල අවසන් මහ තරගය හෙට (10 වැනිදා) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය 102 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලිය මේ මස 15 වැනිදා දක්වා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 


අදහස් (0)

අනීකා ත්‍රිත්ව ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.