Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner අනිල් ආසියානු වාර්තාව අභිබවා යයි

අනිල් ආසියානු වාර්තාව අභිබවා යයි

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

66666

 

ජාතික පැරාලිම්පික් කමිටුව සංවිධානය කළ ආබාධිතවුවන් සදහා වන (පැරා) ජාතික මලල ක‍්‍රීඩා තරගාවලියේ විවෘත අංශයේ පිරිමි ශූරතාව දිනා ගැනීමට පාබල හමුදා ක‍්‍රීඩා සමාජය සමත්විය. රිහැබ් ලංකා ක‍්‍රීඩා සමාජය විවෘත අංශයේ කාන්තා ශූරතාව දිනා ගත්තේය.

විවෘත අංශයේ පිරිමි අනුශූරතාව විජයබාහු පාබල ක‍්‍රීඩා සමාජය දිනාගත් අතර එහි කාන්තා අනුශූරතාව ෂාර්ඞ් ක‍්‍රීඩා සමාජයට හිමි විය.

මෙම තරගාවලියේදී මීටර 200 විවෘත ඉසව්වේදී කොමන්ඩෝ ක‍්‍රීඩා සමාජයේ අනිල් ප‍්‍රසන්න ජයලත් තමන් සතුව තිබු ආසියානු තරග වාර්තාව අභිබවමින් දස්කම් දැක්වීමට සමත්විය. පසුගිය වසරේදී කටාර් රාජ්‍යයේ පැවැති ලෝක ශූරතා ආබාධිතවුවන්ගේ මලල ක‍්‍රීඩා තරගාවලියේදී මීටර 200 ඉසව්වේදී අනිල් තැබූ ආසියානු වාර්තාව තත් 25.81 කි. මෙවර ඔහු තත්පර 25.63 ක කාලයකින් තරගය නිම කළ අලූත් කළේය.

GGGGකනිෂ්ඨ අංශයේ පිරිමි සහ කාන්තා ශූරතා දෙකම බස්නාහිර පළාත් විශේෂ අධ්‍යාපන ක‍්‍රීඩා සමාජයීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ දිනා ගනිමින් දස්කම් දැක්වුහ. තිහාරිය ක‍්‍රීඩා සමාජය සහ අශෝකපුර ක‍්‍රීඩා සමාජය පිළිවෙලින් පිරිමි හා කාන්තා කනිෂ්ඨ අංශයේ අනුශූරතා හිමිකර ගත්තේය.

දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී තෙදිනක් පුරා පැවැති මෙම තරගාවලියේ අවසන් දිනය වු අද (23) නව තරග වාර්තා නවයක් පිහිටුවීමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. ඊයේ දිනයේ වාර්තා සමගින් සමස්ත තරගාවලියේදී බිහි වු ජාතික වාර්තා ගණන 24 කි.

තරගාවලියේ විවෘත අංශයේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස විජයබා පාබල ක‍්‍රීඩා සමාජයේ ටී. එම්. ආර්. තෙන්නකෝන් සම්මාන දිනාගත් අතර රිහැබ් ක‍්‍රීඩා සමාජයේ අමරා ඉන්දුමතී සහ නිලූකා දමයන්ති විවෘත අංශයේ දක්ෂතම ක‍්‍රීඩිකාවෝ ලෙස සම සම්මාන ලැබුහ.

කනිෂ්ඨ අංශයේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස ඩිලාන් හේවා මුහන්දිරම්ගේ ද, දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස භාග්‍යා ලක්මාලි ද සම්මාන ලැබුහ. ඩිලාන් සහ භාග්‍යා බස්නාහිර පළාත් විශේෂ අධ්‍යාපන ක‍්‍රීඩා සමාජය නියෝජනය කරති.

ත්‍යාග ප‍්‍රදානය ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

 

අවසන් දිනයේ නව ජාතික වාර්තා පිහිටු වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ:

මීටර 100 (පිරිමි. ටී 42)
අනිල් ප‍්‍රසන්න ජයලත් (තත් 12.82, කොමන්ඩො ක‍්‍රී.ස.)
(පෙර වාර්තාව : අනිල් ප‍්‍රසන්න ජයලත් 2013 වසරේදී තත් 13.00)

මීටර 200 (පිරිමි. ටී 42)
අනිල් ප‍්‍රසන්න ජයලත් (තත් 25.63, කොමන්ඩො ක‍්‍රී.ස.)
(පෙර වාර්තාව : ඒ.පී.ජයලත් 2013 වසරේදී තත් 26.2)
    
උස පැනීම (පිරිමි,එෆ් 44)
දුමීර මධුරංග (රිහාබ් ලංකා, මීටර 5.78)
(පෙර වාර්තාව: උදය පුෂ්පකුමාර 2003 වසරේදී මීටර 5.52)
     
මීටර 100 (කාන්තා,එෆ් 44)
සුභානී උදේශිකා (රිහාබ් ලංකා, තත් 20.39)
(පෙර වාර්තාව: ධනංජනී රන්දිකා 2013 වසරේදී තත් 23.5)

හෙල්ල විසි කිරීම (පිරිමි,එෆ් 44)
සී.එස්.හෙට්ටිආරච්චි (විජයබා, මීටර 49.8)
(පෙර වාර්තාව: ජී.ඒ.වෙස්ලි 2006 වසරේදී මීටර 45.94)
    
මීටර 200 (පිරිමි,එෆ් 44)
පී.කේ. හෙට්ටිආරච්චි  (ගැමුණු , තත් 24.68)
(පෙර වාර්තාව: එච්අයි ආනන්දගොඩ 2006 වසරේදී තත් 26.2)

උස පැනීම (පිරිමි එෆ් 45)
අජිත් කුමාර (විජයබා, මීටර 5.05)
(පෙර වාර්තාව: එම්. පියල් 2000 වසරේදී මීටර 5.02)
      
හෙල්ල විසි කිරීම (කාන්තා එෆ් 44)
නිලූකා දමයන්ති (රිහාබ් මීටර 16.92)
(පෙර වාර්තාව: ධනංජනී රන්දිකා 2013 වසරේදී මීටර 13.92)
     
හෙල්ල විසි කිරීම රෝදපුටු (කාන්තා,එෆ් 58)
තිසාරා ජයසිංහ (රිහැබ් , මීටර 10.42)
(පෙර වාර්තාව: නිරෝෂනී කුමාරි 2013 වසරේදී මීටර 8.84)

 

ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ විශේෂ අවස්ථා ...

ඡායාරූප - ඉෂාන් සංජීව    

 


අදහස් (0)

අනිල් ආසියානු වාර්තාව අභිබවා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.