Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner අම්රිත් - ධනිෂි නුවරඑළියේ ගොල්ෆ් ශූරතා දිනති

අම්රිත් - ධනිෂි නුවරඑළියේ ගොල්ෆ් ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුවරඑළිය ගොල්ෆ් කී‍්‍රඩා පිටියේ පැවති 75 වැනි ගොල්ෆ් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගැනීමට අම්රිත් ද සොයිසා සමත්විය. ජේන් හොන්ග් සමග පැවති තියුණු තරගයකින් අනතුරුව එහි කාන්තා ශූරතාව දිනාගැනීමට ධනිෂි සේනාධිර සමත් වූවාය.

අවසන් දිනයේදී පහර 70 කින් තරගය නිමා කළ අම්රිත් ද සොයිසාට, තරගය පැවති දින දෙක අවසානයේ සමස්ත තරගය නිමා කිරීම වැයවී තිබූ පහර සංඛ්‍යාව 137 කි. අධික වර්ෂාව නිසා දෙවැනි දිනයේදී තරගය නොපැවැත්විණ.

අම්රිත් ද සොයිසාට වඩා පහර 18 ක් වැඩියෙන් වැයකරමින් තරගයේ දෙවැනි ස්ථානය දිනගැනීමට සචින් ද සිල්වා (පහර 155) සමත්විය. තරගයෙන් අනතුරුව අම්රිත් ද සොයිසා පැවසූයේ මෙය ඉකුත් වසර 4 තුළ ඔහු නුවරඑළියේදී ලබාගත් තෙවැනි ශූරතාව බවයි. තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට පහර 150 කින් තරගය නිමා කළ පී‍්‍රමාල් විජේනායක සමත්වූ අතර එහි අනුශූරතාව දිනාගැනීමට පහර 152 කින් තරගය නිමා කළ එල්. ටී. සමරවික‍්‍රම සමත්විය.

පහර 171 කින් තරගය නිමා කළ නරේෂ් එදිරිවීර, ‘සී’ කාණ්ඩයේ ශූරතාව දිනාගත් අතර එහි අනුශූරතාව පහර 179 කින් තරගය නිමා කළ අනුර බාලසූරියට හිමිවිය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


අදහස් (0)

අම්රිත් - ධනිෂි නුවරඑළියේ ගොල්ෆ් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.