Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner අවසන් සටනට ශාමල් - දිනේෂ්

අවසන් සටනට ශාමල් - දිනේෂ්

Dilrukshi - 2015 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ශත සංවත්සර (100) ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශාමල් දිසානායක සහ දිනේෂ්කාන්තන් තංගරාජා ඊයේ (20 වැනිදා) සමත් වූහ.

ඊයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී වට 3-0 ක් ලෙස පාකිස්තානු ජාතික තන්වීර් ආෂික් පරාජය කරමින් ශාමාල් දිසානායක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. එම තරගයේ ලකුණු තත්ත්වය 7/6 ක්, 6/3 ක් සහ 6/4 ක් ලෙස සටහන් විය.

ජාතික ටෙනිස් (පිරිමි) ශ්‍රේණිගත කිරීම්හි 11 වැනි ස්ථානයේ පසුවන ශාමාල් දිසානායක, ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ පසුවන තන්වීර් ආෂික් පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් ලෙස හැදින්විය හැකිය.

දිනේෂ්කාන්තන් තංගරාජා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් වට 3-1 ක් ලෙස සංඛ අතුකෝරල පරාජය කරමිනි. දිනේෂ්කාන්තන් තංගරාජා ජාතික ටෙනිස් (පිරිමි) ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන අතර සංඛ අතුකෝරල එහි දෙවැනි ස්ථානයේ පසුවෙයි.

එම තරගයේ පළමු සහ දෙවැනි වට පිළිවෙලින් ලකුණු 6/4 ක් සහ 6/1 ක් ලෙස ජයගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා සමත් වූ අතර ලකුණු 6/2 ක් ලෙස තෙවැනි වටය ජයගත් සංඛ අතුකෝරල, තංගරාජාට දැඩි පීඩනයක් එල්ල කළේය. කෙසේ වුවත් සිව්වැනි වටයෙන් ලකුණු 6/0 ක පහසු ජයක් වාර්තා කළ තංගරාජා, සමස්ත තරගය වට 3-1 ක් ලෙස ජය ගනිමින් අවසන් මහ තරගයට පිවිසියේය.

ශාමල් දිසානායක සහ දිනේෂ්කාන්තන් තංගරාජා අතර අවසන් මහ තරගය හෙට (22 වැනිදා) කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

විවෘත පිරිමි අවසන් පූර්ව වටයේ ප‍්‍රතිඵල

  • ශාමාල් දිසානායක විසින් තරග වට 3-0 ක් ලෙස තන්වීර් ආෂික් පරාජය කරන ලදි. (7/6, 6/3, 6/4)
  • දිනේෂ්කාන්තන් තංගරාජා විසින් තරග වට 3-1 ක් ලෙස සංඛ අතුකෝරල පරාජය කරන ලදි. (6/4, 6/1, 2/6, 6/0)

 


අදහස් (0)

අවසන් සටනට ශාමල් - දිනේෂ්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.