Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner අවින්ද්‍ර කනිෂ්ඨ ටෙනිස් ශූරතාව දිනාගනී

අවින්ද්‍ර කනිෂ්ඨ ටෙනිස් ශූරතාව දිනාගනී

සංජය එරමුදුගොඩ - 2015 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 


ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ජාතික කණිෂ්ට ටෙනිස් ශූරතාවලියේ වයස 18 පහළ බාලක කේවල ශූරතාව දිනාගැනීමට අවින්ද්‍ර පෙරේරා අද (12 වැනිදා) සමත් විය.

බාලක කේවල අවසන් මහ තරගයේදී තරග වට 2-1 ක් ලෙස ආඩවන් පුෂ්පරාජ් පරාජය කරමින් අවින්ද්‍ර පෙරේරා මෙවර තරගාවලියේ ජාතික කණිෂ්ට ශූරතාවට හිමිකම් කීවේය. කනිිෂ්ඨ ටෙනිස් (බාලක) ශ්‍රේණිගත කිරීම් අනුව අවින්ද්‍ර පෙරේරා නමවැනි ස්ථානයේ පසුවන අතර ආඩවන් පුෂ්පරාජ් එහි 22 වැනි ස්ථානයේ සිටී.

අවසන් මහ තරගයේ පළමු වටය ලකුණු 6/4 ක් ලෙස ජය ගැනීමට ආඩවන් පුෂ්පරාජ් සමත් වුවත් ලකුණු 6/4 ක් සහ 6/0 ක් ලෙස දෙවැනි සහ තෙවැනි වට ජයගත් අවින්ද්‍ර පෙරේරා, වට 2-1 ක් ලෙස සමස්ථ තරගයේ ජය තමන් සතු කරගත්තේය.

පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2-1 ක් ලෙස චේන් ප‍්‍රනාන්දු පරාජය කරමින් අවින්ද්‍ර පෙරේරා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ආඩවන් පුෂ්පරාජ් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2-1 ක් ලෙස සවිත් වීරසිංහ පරාජය කරමිනි.  

අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී කණිෂ්ට ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන බී. සුරේන් පරාජය කිරීමට අවින්ද්‍ර පෙරේරා සමත් වූ අතර කණිෂ්ට ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන අනීෂ් විජේසිංහ පරාජය කිරීමට ආඩවන් පුෂ්පරාජ් සමත් විය.

කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස භාරතී එයාර්ටෙල් සමාගම කටයුතු කරයි. තරගාවලියේ නිල පන්දු සැපයුම්කරුවා ලෙස ඩන්ලොප් සමාගම කටයුතු කරයි.


වයස 18 පහළ බාලක අවසන් මහ තරග

  • අවින්ද්‍ර පෙරේරා විසින් තරග වට 2-1 ලෙස ආඩවන් පුෂ්පරාජ් පරාජය කරන ලදි. (4/6, 6/4, 6/0)


වයස 18 පහළ බාලක අවසන් පූර්ව වටය

  • අවින්ද්‍ර පෙරේරා විසින් තරග වට 2-1 ලෙස චේන් ප‍්‍රනාන්දු පරාජය කරන ලදි. (3/6, 7/6, 7/6)
  • ආඩවන් පුෂ්පරාජ් විසින් තරග වට 2-1 ලෙස සවිත් වීරසිංහ පරාජය කරන ලදි. (2/6, 7/5, 6/4)

 


අදහස් (0)

අවින්ද්‍ර කනිෂ්ඨ ටෙනිස් ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.