Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ආඬවන් - මේදිරා 14 න් පහළ ටෙනිස් ශූරතා දිනති

ආඬවන් - මේදිරා 14 න් පහළ ටෙනිස් ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 14 න් පහළ ආසියානු ටෙනිස් ශූරතාවලියේ දෙවැනි සතියේ ජයග‍්‍රාහකයන් බවට පත්වීමට ශ්‍රී ලංකා කී‍්‍රඩිකා කී‍්‍රඩිකාවන් වන ආඬවන් පුෂ්පරාජ් සහ මේදිරා සමරසිංහ සමත්වූහ.

බාලක අංශයේ අවසන් තරගයේදී ආඬවන් පුෂ්පරාජ් විසින් ශ්‍රී ලංකා කී‍්‍රඩක ජෙරික් රාජපක්ෂ පරාජය කරනු ලැබූ අතර බාලිකා අංශයේ අවසන් තරගයේදී මේදිරා සමරසිංහ විසින් හොංකොං කී‍්‍රඩිකා ආදිත්‍යා කරුණාරත්න පරාජය කරනු ලැබුවාය.

තරගාවලියේ දෙවැනි සතියේ බාලක යුගල ශුරතාව ආ`ඩවන් පුෂ්පරාජ් සහ ජෙරික් රාජපක්ෂද, බාලිකා යුගල ශුරතාව මේදිරා සමරසිංහ සහ ආදිත්‍යා කරුණාරත්නද දිනාගත්හ.  

කී‍්‍රඩකයන් 34 ක් සහ කී‍්‍රඩිකාවන් 18 ක් සහභාගීවූ මෙම තරගාවලියේ පළමු සතියේ ජයග‍්‍රාහකයන් වූයේ ඉන්දීය කී‍්‍රඩක අදිල් කල්යන්පූර් සහ හොංකොං කී‍්‍රඩිකා ආදිත්‍යා කරුණාරත්නයි.

පළමු සතියේදී විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සතු වූ ශූරතාවන් දෙවැනි සතියේදී තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩික කී‍්‍රඩිකාවන් සමත්වීම කැපීපෙනෙන සිදුවීමක් විය.
තරග ප‍්‍රතිඵල


බාලක කේවල අවසන් තරගය

ආඬවන් පුෂ්පරාජ් විසින් තරග වට 2 - 0 ක් ලෙස ජෙරික් රාජපක්ෂ පරාජය කරන ලදී. (6/1, 6/1)


බාලිකා කේවල අවසන් තරගය

මේදිරා සමරසිංහ විසින් තරග වට 2 - 0 ක් ලෙස ආදිත්‍යා කරුණාරත්න පරාජය කරන ලදී. (6/4, 6/2)


බාලක යුගල අවසන් තරගය

ආඬවන් පුෂ්පරාජ් සහ ජෙරික් රාජපක්ෂ විසින් තරග වට 2 - 1 ක් ලෙස ඉන්තූජන්  සෙල්වරත්නරාජා සහ උදයචන්ද්‍රන් ශ්‍රීනාත් පරාජය කරන ලදහ. (6/3, 1/6, 10/6)


බාලිකා යුගල අවසන් තරගය

මේදිරා සමරසිංහ සහ ආදිත්‍යා කරුණාරත්න විසින් තරග වට 2 - 0 ක් ලෙස ප‍්‍රබුද්ධි පෙරේරා සහ අනිකා සෙනෙවිරත්න පරාජය කරන ලදහ. (6/0, 6/0)

 


අදහස් (0)

ආඬවන් - මේදිරා 14 න් පහළ ටෙනිස් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.