Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ආරක්ෂක සේවා ලෝක ශූරතාවලිය ඇරඹෙයි

ආරක්ෂක සේවා ලෝක ශූරතාවලිය ඇරඹෙයි

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආරක්ෂක සේවාවන් අතර පැවැත්වෙන ලෝක ගොල්ෆ් ශූරතාවලිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුලු ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද (13 වැනිදා) ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චීන වරාය ‘ඊගල්’ ගොල්ෆ් පිටියේදී ආරම්භ විය. 11 වැනි වරට පැවැත්වෙන මෙම ලෝක ශූරතාවලිය ලබන 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා සභාව විසින් මෙහෙයවනු ලබන ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ එක් ඉසව්වක් ලෙස පැවැත්වෙන මෙම ගොල්ෆ් තරගාවලිය සඳහා රටවල් 11 ක් නියොජ්නය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 200 ක් පමණ සහභාගී වෙති.

ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලට අයත් ක්‍රීඩා ඉසව්වක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර මේ වසරේදී ශ්‍රී ලංකා ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය විසින් එය සංවිධානය කරනු ලබයි. එහි ප්‍රධාන සංවිධායක ලෙස ආරක්ෂක සේවා මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කටයුතු කරයි.
 
මෙම ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුද හමුදා, ගුවන් හමුදා සහ නාවික හමුදා ක්‍රීඩකයෝ  6 දෙනෙක්ද, ගුවන් හමුදා සහ යුද හමුදා ක්‍රීඩිකාවෝ තිදෙනෙක්ද සහභාගි වෙති.

 


- 036

 


අදහස් (0)

ආරක්ෂක සේවා ලෝක ශූරතාවලිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.