Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ආසියානු පැරා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 35 ක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 35 ක්

Nisanka Sandeepani - 2018 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔක්තෝබර් මස 6 වැනිදා සිට 13 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන තෙවැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 35 දෙනෙක් සහභාගි වීමට නියමිතය. 

ජවන හා පිටිය තරගකරුවන් 20 දෙනෙක්, වෙඩි තැබීමේ තරගකරුවන් තිදෙනෙක්, රෝද පුටු ටෙනිස් තරගකරුවන් තිදෙනෙක්, දුන්නෙන් විදීමේ තරගකරුවන් දෙදෙනෙක්, චෙස් තරගකරුවන් දෙදෙනෙක්, පිහිනුම් තරගකරුවන් දෙදෙනෙක්, බර ඉසිලීමේ තරගකරුවෙක්, බැඞ්මින්ටන් තරගකරුවෙක් සහ මේසපන්දු තරගකරුවෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිති. 

2016 වසරේ පැවැති රියෝ පැරාලිම්පික් තරගාවලියේ ලෝකඩ පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්තගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට සහභාගි වීම සඳහා ඔක්තොබර් මස 1 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. 

මෙවර අසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් අතරේ පැරාලිම්පික් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත (හෙල්ල විසිකිරීම), ලෝක මට්ටමේ දක්ෂතා දක්වා ඇති උපුල් ඉන්දික (මීටර් 100/200), සම්පත් හෙට්ටිආරච්චි (හෙල්ල විසිකිරීම), ආසියානු මට්ටමේ පදක්කම් ලාභීන් වන සම්පත් බණ්ඩාර (දුන්නෙන් විදීම) සහ දිනේෂ් දේශප්‍රිය (මේසපන්දු) වැනි ක්‍රීඩකයන්ද වෙති. 

පළමු ආසියානු පැරා ක්‍රීඩා උළෙල 2010 වසරේ චීනයේදී පැවැති අතර දෙවැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල 2014 වසරේ දකුණු කොරියාවේදි පැවැත්විණ. එම තරගාවලි දෙකේදී පදක්කම් 22 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

දිවයිනේ ප්‍රමුඛතම සන්නිවේදන සමාගමක් වන ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.  

 


අදහස් (0)

ආසියානු පැරා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 35 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.