Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ආසියානු ජිම්නාස්ටික් තරග ශී‍්‍ර ලංකාවට අහිමි වෙයි

ආසියානු ජිම්නාස්ටික් තරග ශී‍්‍ර ලංකාවට අහිමි වෙයි

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සම්මේලනයේ සභාපතිවරයාගේ නොසැලකිල්ල නිසා මෙරට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මේ මස 31 වැනිදා සිට අගෝස්තු 2 වැනිදා දක්වා ජපානයේ හිරෝෂිමා නගරයේදී පැවැත්වෙන ආසියානු ජිම්නාස්ටික් ශූරතාවලියට සහභාගී වීමට තිබූ අවස්ථාව අහිමිවී ඇතැයි වාර්තා වේ.

තරගාවලියට සහභාගී වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ නම් ලැයිස්තුව පසුගිය 10 වැනිදා දිනය අවසන් වීමට පෙර එහි සංවිධායක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද, කණ්ඩායමක් නම් කිරීම විනා, මේ වන තෙක් ඊට අදාළ තේරීම් තරග හෝ පැවැත්වීමට පි‍්‍රයන්ත පතිරණ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජිම්නාස්ටික් සම්මේලනය අපොහොසත්වී තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පි‍්‍රයන්ත පතිරණ මහතා දුරකතනයෙන් සම්බන්ධකර ගැනීමට දිගින් දිගටම උත්සාහ ගත් නමුත් ඒ සෑම උත්සාහයක්ම අසාර්ථක විය.

මාස කිහිපයකට පෙර මෙම තරගාවලියට සහභාගී කරවීම සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරාගැනීමට ජාතික සංචිතයක් ආරම්භ කර තිබුණද කල්ගත වන විට එය අකාර්යක්ෂම තත්ත්වයට පත්වී තිබූ බවද වාර්තා වේ.

කෙසේ වුවත් එම සංචිතයේ සිටි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තරගාවලියට සහභාගී වීමේ අපේක්ෂාවෙන් නොකඩවා සිය පුහුණුවීම් වල නිරව තිබූ නමුත්, තරගාවලිය සඳහා  ලියාපදිංචි වියහැකි අවසන් දිනය දක්වාම ඊට අදාළ තෝරාගැනීමේ තරග නොපැවැත්වීම හේතුවෙන් ඔවුන්ට තරගාවලියට සහභාගී වීමේ බලාපොරොත්තු අත්හැර දැමීමට සිදුවී තිබේ.  

අපේක්ෂා භංගත්වයට පත්ව සිටින මෙම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දෙමාපියන් සහ පුහුණුකරුවන්ද ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා දුරකථනය ඔස්සේ ජිම්නාස්ටික් සම්මේලනයේ සභාපතිවරයා සම්බන්ධකරගැනීමට උත්සහ කර ඇති නමුත් ඔහු එම දුරකථන ඇමතුම් වලට පිළිතුරු දීමෙන් වැළකී ඇතැයි දෙමව්පියෝ මෙන්ම පුහුණුකරුවෝද කියති.

අවසානයේ දෙමාපියන් සහ පුහුණුකරුවන් සභාපතිවරයා මුණගැසී ඔහුගෙන් මේ සම්බන්ධව තොරතුරු විමසා ඇති අතර එවිට සභාපතිවරයාගේ පිළිතුර වී ඇත්තේ ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අදාළ තරගාවලියට සහභාගී කරවීමට තරම් සුදුසු මට්ටමක නොසිටින බවත් තරගාවලියට සහභාගී වුවත් ඔවුන්ට එහිදී ජයග‍්‍රහණ අත්කරගැනීමට නොහැකි බවත්ය.

ඉකුත් වසරේ පෙදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙන්ම ආසියානු ජිම්නාස්ටික් ශ්‍රේණිගත කිරීම් වල 32 වැනි ස්ථානයේ පසුවන කී‍්‍රඩකයාද මෙම තරගාවලියට සහභාගී වීමේ බලාපොරොත්තුවෙන් සිටීයදී සභාපතිවරයා එසේ පැවසීම කණගාටුවට කරුණක් බවත් දෙමාපියෝ පවසති.

සභාපතිවරයාගේ මෙම අත්තනෝමතික කි‍්‍රයා කලාපය නිසා ශ්‍රී ලංකා ජිම්නාස්ටික් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මෙවැනි තරගාවලියකට සහභාගී වී අත්දැකීම් ලබාගැනීමට මෙන්ම සිය හැකියාවන් ඔප මට්ටම් කරගැනීමට තිබෙන අවස්ථව පවා අහිමිවී යනු ඇතැයි කියමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දෙමාපියන් සහ පුහුණුකරුවෝ කිහිප දෙනෙක් මේ වන කී‍්‍රඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාටද පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.  

 


අදහස් (0)

ආසියානු ජිම්නාස්ටික් තරග ශී‍්‍ර ලංකාවට අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.