Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ආසියානු ස්කොෂ් තරගාවලියට යති

ආසියානු ස්කොෂ් තරගාවලියට යති

සංජය එරමුදුගොඩ - 2015 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරගාවලියට සහභාගී වන ශී‍්‍ර ලංකා කණ්ඩායම කී‍්‍රඩා අධ්‍යක්ෂ දෙපාර්තමේන්තුවේ සහ ස්කොෂ් සම්මේලනයේ නිලධාරීන් සමග...

ඉදිරිපෙළ (වමේ සිට දකුණට) - කේ. ඒ. මිහිලියා මෙත්සරණි, එම්. එල්. කුමාරසිරි කුරේ (පුහුණුකරු), එම්. ඞී. ඒ. ගීතානි (කී‍්‍රඩා අධ්‍යක්ෂ දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති නිලධාරිනි), පි‍්‍රයදර්ශන ජයවර්ධන (ස්කොෂ් සම්මේලනයේ ලේකම්), කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර (කී‍්‍රඩා අධ්‍යක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්), සුරංජිත් පේ‍්‍රමදාස (ස්කොෂ් සම්මේලනයේ සභාපති), කේ. ඞී. පෙරේරා (කාන්තා භාර නිලධාරිනි), කේ. ඞී. ඒ. රෂේන්ද්‍ර රාජරත්න

දෙවැනි පෙළ (වමේ සිට දකුණට) - කාවින්ද්‍යා මගනාරච්චි, ඒ. ඔවිෂ්කා පෙරේරා, ප‍්‍රභාෂි රාජපක්ෂ, රුක්ෂානා ඞීන්, මල්ෂි රාජපක්ෂ, එස්. සේරන්දි කොහොඹගේ, සී. අමන්දා ජිනදාස, ටියාරා සල්ගාදු, එච්. යෙහන්සා අබේසුන්දර, ඒ. ඔනේලි ගමගේ, වී. එස්. සී. සිනාලි

තෙවැනි පෙළ (වමේ සිට දකුණට) - එම්. අයි. ෆහීත් අස්මන්, සදීෂ රාජපක්ෂ, චිතේෂ් රඹුක්පොත, ටී. අමේන්ද්‍ර ඉන්ද්‍රකුමාර්, ශමිල් වකීල්, හේෂාන් බාලසූරිය, අයි. සත්‍යජිත් විජයපූර්ණ, දෘවින්ක පෙරේරා, යුක්ති නාපගොඩ, රුවීෂ ජයවර්ධන, රවීන් නානායක්කාර, එන්. සදුන් කරුණාරත්න, එම්. දෙව්මින වුඞ්

 

ඉරානයේ ටෙහෙරාන් නුවරදී 23 වැනිදා ආරම්භ වන 22 වැනි ආසියානු කනිෂ්ට ස්කොෂ් ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (21 වැනිදා) අලූයම දිවයිනෙන් පිටත්ව ගියේය.

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට කී‍්‍රඩකයෝ 14 දෙනෙක් සහ කී‍්‍රඩිකාවෝ 12 දෙනෙක් ඇතුළත්ව සිටිති. එම්. එල්. කුමාරසිරි කුරේ මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර කේ. ඞී. පෙරේරා මහත්මිය කාන්තා භාර නිලධාරිනිය ලෙස කණ්ඩායමට එක්ව සිටින්නීය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ අවුරුදු 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ තරග වැදීමට නියමිතය.

තරගාවලියට සහභාගීවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ සහ නිලධාරීන්ගේ ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර සඳහා කී‍්‍රඩා අමාත්‍යංශය අනුග‍්‍රහය දක්වා තිබේ.

ආසියානු ස්කොෂ් සම්මේලය සංවිධානය කරන මෙම තරගාවලිය ලබන 27 වැනිදා දක්වා පැවැත්වේ.

 


අදහස් (0)

ආසියානු ස්කොෂ් තරගාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.