Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වියට්නාමයේ හෝ චි මින් නගරයේදී හෙට (2 වැනිදා) ආරම්භ වන ආසියානු කාන්තා බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් හය දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් සහභාගි වීමට නියමිතය. මෙම තරගාවලිය මේ මස 9 වැනිදා දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකාවද ඇතුළුව මෙම තරගාවලියට රටවල් 8 ක් නියොජ්නය කරමින් ක්‍රීඩිකාවෝ 118 දෙනෙක් සහභාගි වෙති. කසකස්තානය, උස්බැකිස්තානය, චීනය, උතුරු කොරියාව සහ ඉන්දියාව යන ප්‍රබල රටවල ක්‍රීඩිකාවන්ද ඊට ඇතුළත්ව සිටිති.
ලබන වසරේ (2018) ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට්හිදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට පුහුණුවීමේ පෙරහුරු තරගාවලියක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි වෙයි.
යුනිචෙලා බොක්සිං සමාජය නියෝජනය කරන ක්‍රීඩිකාවන් සිවුදෙනෙක්ද, හෙළ බොක්සිං සමාජය සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන එක් ක්‍රීඩිකාවක් බැගින්ද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
කෝසලා නිල්මිණි (කිලෝ ග්‍රෑම් 48 බර පංතිය), අනුරාධා ජයසිංහ (කිලෝ ග්‍රෑම් 51 බර පංතිය), කේෂානි හංසිකා (කිලෝ ග්‍රෑම් 57 බර පංතිය) සහ ක්‍රිෂ්මි ධර්මතිලක (කිලෝ ග්‍රෑම් 60 බර පංතිය) මෙම තරගාවලියට සහභාගි වන යුනිචෙලා බොක්සිං සමාජයේ ක්‍රීඩිකාවෝ වෙති.
හෙළ බොක්සිං සමාජයේ තනූජා ධර්මසේන කිලෝ ග්‍රෑම් 69 බර පංතිය යටතේද, ශ්‍රී ලංකා පොලිසියේ ශිරෝමාලා වීරරත්න කිලෝ ග්‍රෑම් 75 බර පංතිය යටතේද තරගාවලියට සහභාගි වී සිටිති.
ඔවුන් අතරින් යුනිචෙලා ක්‍රීඩා සමාජයේ කෝසලා නිල්මිණි සහ කේෂානි හංසිකාද, ශ්‍රී ලංකා පොලිසියේ ශිරෝමාලා වීරරත්නද ඉකුත් මස නෙදර්ලන්තයේදී පැවැති ඉන්දෝවන් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේදී රිදී පදක්කම් දිනූ ක්‍රීඩිකාවෝ වෙති.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ තරග කාලසටහන
■ කෝසලා නිල්මිණි (කි.ග්‍රෑ. 48) - නොවැම්බර් 4 වැනිදා පිලිපීන - ජපන් තරගයේ ජයග්‍රාහිකාවට එරෛහිව අවසන් පූර්ව වටයේදී
■ අනුරාධා ජයසිංහ (කි.ග්‍රෑ. 51) - නොවැම්බර් 3 වැනිදා පිලිපීන ක්‍රීඩිකාවට එරෙහිව මූලික වටයේදී
■ කේෂානි හංසිකා (කි.ග්‍රෑ. 57) - නොවැම්බර් 5 වැනිදා චීන තායිපේ - ජපන් තරගයේ ජයග්‍රාහිකාවට එරෛහිව අවසන් පූර්ව වටයේදී
■ ක්‍රිෂ්මි ධර්මතිලක (කි.ග්‍රෑ. 60) - නොවැම්බර් 2 වැනිදා නේපාල ක්‍රීඩිකාවට එරෙහිව මූලික වටයේදී
■ තනූජා ධර්මසේන (කි.ග්‍රෑ. 69) - නොවැම්බර් 5 වැනිදා චීන - චීන තායිපේ තරගයේ ජයග්‍රාහිකාවට එරෙහිව අවසන් පූර්ව වටයේදී
■ ශිරෝමාලා වීරරත්න (කි.ග්‍රෑ. 75) - නොවැම්බර් 4 වැනිදා උතුරු කොරියානු ක්‍රීඩිකාවට එරෙහිව අවසන් පූර්ව වටයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.