Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ඉන්දුනීසියාව පෙරමුණ ගනී

ඉන්දුනීසියාව පෙරමුණ ගනී

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ඬේවිස් කුසලාන ආසියා ශාන්තිකර කළාපීය II කාණ්ඩයේ තරගාවලියේ ඊයේ (15 වැනිදා) පැවැති කේවල තරග දෙකේදීම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පරාජයට පත් වූහ.  තරග 5 කින් සමන්විත මෙම තරගාවලියේ පළමු දිනය නිමා වන විට 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දුනීසියාව කණ්ඩායම සමත් විය.

සිකුරාදා පැවැති පළමු තරගයේදී තරග වට 3-0 ක් ලෙස හර්ෂණ ගොඩමාන්න පරාජය කිරීමට ඬේවිඞ් සුසන්ටෝ සමත් වූ අතර දෙවැනි තරගයේදී තරග වට 3-0 ක් ලෙස යසිත ද සිල්වා පරාජය කිරීමට ක්‍රිස්ටෝපර් රංග්කට් සමත් විය.

පළමු තරගයේ වට තුනම ඉතා තීර්ණාත්මක වූ අතර එකිනෙකාට නොදෙවෙනි අන්දමින් තරග වැදුණ හර්ෂණ ගොඩමාන්න සහ ඬේවිඞ් සුසන්ටො මාරුවෙන් මාරුවට ලකුණු ලබාගනිමින් තරගයේ උණුසුම තව තවත් වැඩි කළහ. කෙසේ වුවත් එම වට තුනෙන්ම 6/4 ක් ලෙස තියුණු ජය ලැබූ ඬේවිඞ් සුසන්ටො වට 3--0 ක ජයක් අත්කරගත්තේය.

දෙවැනි තරගයේ පළමු වටය ලකුණු 6/2 ක් ලෙස ජයගත් ක්‍රිස්ටෝපර් රංග්කට්, යසිත ද සිල්වාට එකදු ලකුණක් හෝ රැස්කිරීමට ඉඩ නොදෙමින් දෙවැනි වටය 6/0 ලෙසද, තෙවැනි වටය 6/2 ක් ලෙසද ජයගනිමින් වට 3-0 ක පහසු ජයක් හිමිකරගත්තේය.

දෙවැනි කේවල තරගයට සහභාගි වීමට නියමිතව සිටි ශාමල් දිසානායක, ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් එම තරගයට සහභාගි නොවූ අතර ඔහු වෙනුවට යසිතද සිල්වා එම තරගය සඳහා සහභාගි විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම බලාපොරොත්තුවක් වූ ශාමල් දිසානායක සිය අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා නැවත දිවයින බලා පැමිණ ඇති අතර ඒ හෙතුවෙන් තරගාවලියේ ඉතිරි තරග 3 (යුගළ තරගය සහ කේවල තරග 2) සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරි ක්‍රීඩකයන් තිදෙනා සමගින් තරග වැදීමට සිදුව ඇති බව වාර්තා වේ.

තරගාවලියේ දෙවැනි දිනය වන අද (16 වැනිදා) පැවැත්වෙන යුගළ තරගයේදී ආදිත්‍යා සසොන්ග්කෝ සහ සුනුවහු ත්‍රිජාටිට එරෙහිව  හර්ෂණ ගොඩමාන්න සහ යසිත ද සිල්වා තරග වැදීමට නියමිතව සිටියහ.


තරග ප්‍රතිඵල

■    ඬේවිඞ් සුසන්ටෝ විසින් තරග වට 3-0 ක් ලෙස හර්ෂණ ගොඩමාන්න පරාජය කරන ලදි. (6/4, 6/4, 6/4)
■    ක්‍රිස්ටෝපර් රංග්කට් විසින් තරග වට 3-0 ක් ලෙස යසිත ද සිල්වා  පරාජය කරන ලදි. (6/2, 6/0, 6/2)

 


අදහස් (0)

ඉන්දුනීසියාව පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.