Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන නුවර එළිය තුරඟ තරගාවලි මාලාවේ තෙවැනි අදියරේ ප්‍රධානතම තරගය වූ ‘මැජික් මිලියන් කුසලාන’ තරගය ජයගැනීමට ඉම්රාන් ඛාන් සමත් විය. ඉම්රාන් විසින් මෙහෙයවන ලද ‘මෙහෙරාන්’ නම් අසු හසංග ජයරත්න මහතාට අයත් වූවෙකි. මීටර් 1800 ක දුරකින් සමන්විත වූ එම තරගය ජයගැනීම වෙනුවෙන් මෙහෙරාන් අශ්වයාගේ හිමිකරුවා වූ හසංග ජයරත්න මහතාට මැජික් මිලියන් කුසලාන සමගින් රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් හිමිවිය.
එහිදී ප්‍රබල තුරඟුන් ලෙස සැලකෙන ‘ඇල්කසබා’ මෙහෙයවූ අනීල් කොල්තූර් සහ ‘චාලමේන්’ මෙහෙයවූ ඒ. විෂ්වනාත් පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට ඇද දමමින් එම තරගය ජයගැනීමට ඉම්රාන් ඛාන් සමත් වූයේය. නුවර එළිය තුරඟ තරග පිටියේදී සිය දෙවැනි තරගයට සහභාගි වූ මෙහෙරාන් සමගින් තරගය ජයගැනීමට ඉම්රාන් ඛාන් සමත් වීම පෙරළිකාර සිදුවීමක් විය.
මැජික් මිලියන් තරගය ආරම්භයේදී සිල්වර් ස්ටී්‍රක් මෙහෙවා ගිය එස්. ඩී. මහේෂ් සමග කරට කර සටනක නිරත වූ ඉම්රාන් ඛාන්, මීටර 1000 ක් පමණ නිමා වන විට පහසුවෙන්ම තරගයේ පෙරමුණ තමන් සතු කරගත්තේ එස්. ඩී. මහේෂ්ගේ පසුබෑමත් සමගනි. සිල්වර් ස්ටී්‍රක් අසු දීප්තිකා ජයකොඩි මෙනවිය සතුය.
එතැන් සිට මීටර් 100 ක දුරක් යෑමටත් මත්තෙන් ඉම්රාන් ඛාන්ට තරගයේ පෙරමුණ රැකගැනීම සඳහා අංජලී අශ්වගාලට අයත් ‘චාල්මේන්‘ මෙහෙයවූ ඒ. විෂ්වනාත් සමගද සටනක නිතර වීමට සිදුවිය. කෙසේ වුවත් මීටර් 400 ක පමණ දුරක් ඉම්රාන් ඛාන් හඹා ගියද, කිසි විටක ඔහු පසු කර යෑමට ඒ. විෂ්වනාත් අපොහොසත් වූයේය.
එතෙක් තරගයේ පසුපසින් පැමිණි ඇල්කසබා මත සිටි අනීල් කොල්තූර්, කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙමින් අවසන් මීටර් 300 තුළදී ඉම්රාන් ඛාන්ට ප්‍රබල අභියෝගයක් විය. අවසන් මීටර 150 තුළදී සෙසු තරගකරුවන් පසුකර ඉම්රාන් ඛාන් අසලටම පැමිණියද, නරඹන්නන්ගේ තළලත රැළි නංවන සුළු ඉතාමත් තියුණු අවසානයකින් අනතුරුව අනීල් කොල්තූර්ට තරගයේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
මෙම පරාජයත් සමගින් මෙවර (2017) තුරඟ තරගාවලි මාලාවේ පළමු සහ දෙවැනි අදියර දෙකේම ප්‍රධාන තරග (නිදහස් දින කුසලාන සහ සෙල්වරත්නම් අභියෝග කුසලාන) ජයගනිමින් ඇල්කසබා අශ්වයා තබා තිබූ අපරාජිත වාර්තාව බිඳ වැටිණ.
එම ජයග්‍රහණයට අමතරව මීටර් 1600 ක දුරකින් සමන්විත වූ බ්ලැක්පූල් හෝටල් කුසලාන තරගයද ජයගනිමින් මෙවර තරගාවලියේදී ද්විත්ව ජයග්‍රහණයකට හිමිකම් කීමටද ඉම්රාන් ඛාන් සමත් වූයේය. හසංග ජයරත්න මහතාගේ ‘කිංන්ස්ටන් ටවුන්’ අශ්වයා මෙහෙයවමින් ඉම්රාන් ඛාන් එම තරගයට සහභාගි විය.
ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශ කුසලාන තරගය ජයගැනීමට කැප්ටන් හැඩොක් මෙහෙයවූ වයි. එස්. ශ්‍රීනාත් සමත් වූ අතර මීටර් 1600 ක දුරකින් සමන්විත වූ එම තරගයේ දෙවැනි ස්ථානය ‘ග්ලිටරිං’ අසු මෙහෙයවූ අනීල් කොල්තූර්ට හිමි විය.
මීටර් 1400 ක දුරකින් සමන්විත වූ ස්පෝර්ටිං ටයිම්ස් කුසලාන තරගය සඳහා තරගකරුවන් 12 දෙනෙක් සහභාගි වූ අතර එහිදී සෙසු තරගකරුවන් පසු පසුට ඇද දමමින් පහසු ජයක් වාර්තා කිරීමට ‘හොනෝරියස්’ අසු මෙහෙයවූ එස්. ප්‍රදීප් සමත් විය. එම දුර ප්‍රමාණයෙන්ම සමන්විත වූ ස්පෝර්ටිං ස්ටාර් කුසලාන තරගය ජයගැනීමට සුප්‍රීම් අසු මෙහෙයවූ අනීල් කොල්තූර් සමත් වූයේ ‘කොලරාඩෝ’ මෙහෙයවූ එල්. දයාලන් සමග කරට කර සටනක නිරත වීමෙන් අනතුරුවය.
නුවර එළිය තුරඟ තරග පිටියේදී ඉකුත් ඉරිදා (16 වැනිදා) පැවැති මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය සුජීව සේනසිංහ සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරු සහභාගි වූහ.
තරග වැදුණ අසු, අසරුවා සහ අසුගේ හිමිකරු යන අනු පිළිවෙලට පහත දැක්වෙන තරග ප්‍රතිඵල සටහන පෙළගස්වා තිබේ.
තරග ප්‍රතිඵල
පෝනි සුභසාධන ලොතරැයි කුසලාන (මීටර් 1000) තරගය
1 ශ්‍රී ලංකන් ක්වීන් - එල්. රවීකුමාර් - නවනීතා මහත්මිය
2 අයි ටච් - ඒ. ඩිලාන් - ආර්. බාලචන්ද්‍රන් මහතා
3 මිස්ටි ක්වීන් - එම්. මෝහන්රාජ් - එස්. වී. මදියලගන්
|
ස්පෝර්ටින් ටයිම්ස් කුසලාන (මීටර් 1400) තරගය
1 හොනෝරියස් - එස්. ප්‍රදීප් - ෆියර්ලස් අශ්වගාල
2 මියුසිකල් ටේරෂර් - ජේ. ඩබ්ලිව්. ඩී. එල්. - ආනන්ද බණ්ඩාර මහතා
3 ඔගස්ටා - කේ. සංජීවන් - ගාමිණී ජයරත්න මහතා සහ චමරි ජයරත්න මහත්මිය
|
බ්ලැක්පූල් හෝටල් කුසලාන (මීටර් 1600) තරගය
1 කිංස්ටන් ටවුන් - ඉම්රාන් ඛාන් - හසංග ජයරත්න මහතා සහ ඉරුගල් බණ්ඩාර මහතා
2 සෙලෙස්ටියල් ෆයර් - ඒ. විෂ්වනාත් - අනුර දෙල්ගොඩ මහතා
3 ගසාකි - අනීල් කොල්තූර් - රියෙන්සි එඞ්වඞ් මහතා සහ පූර්ණි එඞ්වඞ් මහත්මිය
|
මැජික් මිලියන් අභියෝග කුසලාන (මීටර් 1800) තරගය
1 මෙහෙරාන් - ඉම්රාන් ඛාන් - හසංග ජයරත්න මහතා
2 ඇල්කසබා - අනීල් කොල්තූර් - දීප්තිකා ජයකොඩි මෙනවිය
3 චාර්ලමේන් - ඒ. විෂ්වනාත් - අංජලී අශ්වගාල
|
ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශ අභියෝග කුසලාන (මීටර් 1600) තරගය
1 කැප්ටන් හැඩොක් - වයි. එස්. ශ්‍රීනාත් - දීප්තිකා ජයකොඩි මෙනවිය
2 ග්ලිටරින් - අනීල් කොල්තූර් - දීප්තිකා ජයකොඩි මෙනවිය
3 අයිස්ලෑන්ඩික් - ඉම්රාන් ඛාන් - හසංග ජයරත්න මහතා
|
ස්පෝර්ටින් ස්ටාර් කුසලාන (මීටර් 1400) තරගය
1 සුප්‍රීම් - අනීල් කොල්තූර් - දීප්තිකා ජයකොඩි මෙනවිය
2 කොලරාටෝ - එල්. දයාලන් - දීප්තිකා ජයකොඩි මෙනවිය සහ චරිනි සූරියගේ මහත්මිය
3 ක්‍රිම්සන් ක්විස්ට් - එස්. සුගන්තන් - ගාමිණී ජයරත්න මහතා සහ චමරි ජයරත්න මහත්මිය
|
රාජකීය තුරඟ තරග සමාජ අභියෝග කුසලාන (මීටර් 1000) තරගය
1 එයාර්බෝන් II - එස්. දසරාදන් - ගාමිණී ජයරත්න මහතා සහ චමරි ජයරත්න මහත්මිය
2 ක්වීන් ඔෆ් ද හිල් - එම්. ඉෂාන් - ආර්. එම්. සී. කේ. රාජපක්ෂ මහතා
3 කබ්‍රීස් - එම්. මෝහන්රාජ් - දීප්තිකා ජයකොඩි මෙනවිය
|
මැජික් මිලියන් කුසලාන තුරඟ තරගාවලියේ උණුසුම් අවස්ථා...
(ඡායාරූප - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.