Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ පුරපති කුසලාන සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහත්, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලාත් සම්මාන දිනාගත්හ.
බාලක වයස 18 න් පහළ, 21 න් පහළ සහ පිරිමි විවෘත ශූරතා දිනාගනිමින් උදය රණසිංහ තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය.
හංසනී පියුමිලා තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වූයේ බාලිකා වයස 18 න් පහළ ශූරතාව සහ කාන්තා විවෘත අනුශූරතාව දිනිගනිමිනි.
කොළඹ ලූම්බිණි විදුහල් ගෘහස්ත කී‍්‍රඩාංගණයේ පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් රැසක් නියෝජනය කරමින් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ 300 කට වැඩි පිරිසක් සහභාගි වූහ.
කොළඹ දිස්ති‍්‍රක් මේසපන්දු සංගමය සහ කොළඹ නගර සභාවේ කී‍්‍රඩාංගණ සහ විනෝද කටයුතු දෙපාර්තමේන්තුව සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ උප නගරාධිපති ටයිටස් පෙරේරා මහතා සහභාගී විය.
තරග ප‍්‍රතිඵල (බාලක)
වයස 10 න් පහළ කේවල
රසිඳු ජයසුන්දර (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස රවිසිත ප‍්‍රනාන්දු (කෑගල්ල ශාන්ත මරියා විදුහල) පරාජය කරන ලදි. (12/10, 10/12, 11/07, 11/06)
වයස 12 න් පහළ කේවල
ධනුෂ්ක විජේසිංහ (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස චානුක ශ්‍රී බණ්ඩාර (කෑගල්ල ශාන්ත මරියා විදුහල) පරාජය කරන ලදි. (06/11, 12/10, 11/03, 11/08)
වයස 15 න් පහළ කේවල
දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 3-2 ක් ලෙස චනුල් දුල්සෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (04/11, 11/08, 09/11, 11/09, 11/08)
වයස 18 න් පහළ කේවල
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස සුපුන වරුසවිතාන (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/05, 07/11, 08/11, 11/09)
වයස 21 න් පහළ කේවල
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස කි‍්‍රෂාන් වික‍්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11/09, 13/11, 11/09)
විවෘත පිරිමි කේවල
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 4-1 ක් ලෙස රොහාන් සිරිසේන (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) පරාජය කරන ලදි. (05/11, 11/08, 11/06, 12/10, 11/04)
තරග ප‍්‍රතිඵල (බාලිකා)
වයස 10 න් පහළ කේවල
චමීෂා තුෂාදි (කෑගලූ බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ෆාතිමාත් දීමා අලී (කොළඹ ‘රෝයල් ඉන්ස්ටිටියුට්’ ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/05, 11/02, 11/07)
වයස 12 න් පහළ කේවල
සඳුනිි ප‍්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ප‍්‍රජාපති ගෝතමී බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/09, 11/05)
වයස 15 න් පහළ කේවල
ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ඔචිනි දිසානායක (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/07, 11/05)
වයස 18 න් පහළ කේවල
හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (09/11, 11/09, 11/04, 12/10)
වයස 21 න් පහළ කේවල
රුවිනි කන්නංගර (ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය) විසින් තරග වට 3-0 ක් ලෙස එරන්දි වරුසවිතාන (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) පරාජය කරන ලදි. (11/09, 11/02, 11/09)
විවෘත කාන්තා කේවල
ඉෂාරා මධුරංගි (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) විසින් තරග වට 4-0 ක් ලෙස හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/02, 11/06, 11/04)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.