Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner උදය රණසිංහ ශූරතා 4 ක් දිනාගනී

උදය රණසිංහ ශූරතා 4 ක් දිනාගනී

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශී‍්‍ර ලංකා මේසපන්දු සංගමය සංවිධානය කළ 67 වැනි ජාතික කණිෂ්ඨ මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන ලබාගැනීමට ශූරතා 4 ක් දිනාගත් මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ සමත්විය. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එරන්දි වරුසවිතාන තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.

ඉකුත් බ‍්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල නාවලපිටිය ජයතිලක කී‍්‍රඩාංගණයේ පැවති මෙම තරගාවලියේ බාලක වයස 15 න් පහළ කේ්වල, 18 න් පහළ කේවල, 18 න් පහළ යුගළ සහ 18 න් පහළ මිශ‍්‍ර යුගළ යන තරග ඉසව් ජය ගනිමින් උදය රණසිංහ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය. එරන්දි වරුසවිතාන දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වූයේ 18 න් පහළ බාලිකා කේවල තරග ඉසව්ව ජය ගනිමිනි.

මේ වනවිට ජාතික ශ්‍රේණිගත කිරීම් වල දෙවැනි ස්ථානයේ පසුවන උදය රණසිංහට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත්වූ මහනුවර විද්‍යාර්ථ විදුහලේ ප‍්‍රසාද් ද සිල්වා, 15 න් පහළ බාලක කේවල අවසන් මහ තරගයේ පළමු වට දෙකම ජයගත්තේය. කෙසේ වුවත් මඳක් ප‍්‍රමාදවී තරගයට අවතීර්ණවූ උදය, තමන් ලබාඇති අත්දැකීම් නිසිආකාරව ප‍්‍රයෝජනයට ගෙන ඉතිරි තරග වට 3 ම ජය ගනිමින් තරගයේ ජය තමන් සතු කරගත්තේය.

18 න් පහළ බාලිකා කේවල අවසන් මහ තරගයේදී එරන්දි වරුසවිතාන හමුවේ තරග වට 3-1 කින් පරාජයට පත්වූ කොළඹ මියුසියස් විදුහලේ රුවිනි කන්නංගර, කොළඹ විශාකා විදුහලේ කිත්මදී රන්වල සමග එක්ව බාලිකා යුගල තරගයේදී කුරුණෑගල මලියදේව විදුහලේ බුද්ධීපනී රාජගුරු සහ මහනුවර මහාමායා විදුහලේ රිද්මි කරදනාරච්චි පරාජය කරමින් තරග වට 3-0 ක පහසු ජයක් අත්කරගත්හ.  

කි‍්‍රෂාන් වික‍්‍රමරත්න සහ උදය රණසිංහ එක්ව බාලක යුගළ ශූරතාව දිනාගැනීම සඳහා චින්තක ඒකනායක සහ තිළිණ විජේසිරි පරාජය කළහ. පසුව රිද්මි කරදනාරච්චි සමග එක්වූ උදය රණසිංහ මිශ‍්‍ර යුගල ශූරතාව දිනාගැනීම සඳහා ප‍්‍රසාද් ද සිල්වා සහ බුද්ධීපනී රාජගුරු පරාජය කළේය.

 

 

 

 

 

 

18 න් පහළ තරග ප‍්‍රතිඵල
වයස 18 න් පහළ (බාලක) කේවල  
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස ප‍්‍රසාද් ද සිල්වා (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදී. (12/10, 07/11, 11/09, 13/11)


වයස 18 න් පහළ (බාලක) යුගළ
උදය රණසිංහ සහ කි‍්‍රෂාන් වික‍්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස චින්තක ඒකනායක සහ තිළිණ විජේසිරි (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදහ. (11/08, 04/11, 11/08, 11/01)


වයස 18 න් පහළ (බාලිකා) කේවල  
එරන්දි වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස රුවිනි කන්නංගර (කොළඹ මියුසියස් විදුහල* පරාජය කරන ලදී. (05/11, 11/05, 11/06, 11/08)


වයස 18 න් පහළ (බාලිකා) යුගළ
රුවිනි කන්නංගර (කොළඹ මියුසියස් විදුහල) සහ කිත්මදී රන්වල (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස බුද්ධීපනී රාජගුරු (කුරුණෑගල මලියදේව විදුහල) සහ රිද්මි කරදනාරච්චි (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදහ.
(12/10, 11/01, 11/05)


වයස 18 න් පහළ මිශ‍්‍ර යුගල
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) සහ රිද්මි කරදනාරච්චි (මහනුවර මහාමායා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ප‍්‍රසාද් ද සිල්වා (මහනුවර විද්‍යාර්ථ විදුහල) සහ බුද්ධීපනී රාජගුරු කුරුණෑගල මලියදේව විදුහල) පරාජය කරන ලදහ. (12/10, 15/13, 11/05)


වයස් කාණ්ඩ තරග ප‍්‍රතිඵල (බාලක)
වයස 10 න් පහළ කේවල
තිස්ස රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස හිරුණ වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදී. (03/11, 11/06, 11/01, 09/11, 11/06)


වයස 12 න් පහළ කේවල  
දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 3-1 ක් ලෙස හේලිත හෙඳවිතාරන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදී. (12/10, 11/09, 09/11, 11/06)


වයස 15 න් පහළ කේවල  
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස ප‍්‍රසාද් ද සිල්වා (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදී. (04/11, 08/11, 11/08, 11/07, 11/08)


වයස් කාණ්ඩ තරග ප‍්‍රතිඵල (බාලිකා)
වයස 10 න් පහළ කේවල  
සඳුනි ප‍්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස විනුජි පෙරේරා (කුරුණෑගල මලියදේව විදුහල) පරාජය කරන ලදී. (11/09, 11/05, 11/07)


වයස 12 න් පහළ කේවල  
සමාධී හෙට්ටිආරච්චි (මහනුවර මහාමායා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස ඞී. එච්. කොළඹගේ (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) පරාජය කරන ලදී. (06/11, 11/09, 11/06, 11/09)


වයස 15 න් පහළ කේවල  
ශෙෂලා බණ්ඩාර (මහනුවර මහාමායා විදුහල) විසින් තරග වට 3-0  ක් ලෙස රිද්මි කරදනාරච්චි (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදී. (11/05, 11/09, 11/06)

 


අදහස් (2)

උදය රණසිංහ ශූරතා 4 ක් දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.