Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner එෂාන් රොටැක්ස් 2018 ශූරතාව දිනයි

එෂාන් රොටැක්ස් 2018 ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේදී පැවැති රොටැක්ස් 2018 ආරාධිත කාර්ටින් තරගය ජයගනිමින් නැවත වරක් ආසියානු කාර්ටින් ශූරයින් අතර තම නම ඉහළින් තැබීමට ශ්‍රී ලාංකා මෝටර් රථ ශූර එෂාන් පීරිස් සමත් විය.

මෙම තරගයේ පළමු පෙරහුරු වට දෙකේදීම තෙවැනි ස්ථානයෙන් ආරම්භ කළ එෂාන්, අවසන් පූර්ව වටයේදී පළමු ස්ථානයෙන් ආරම්භ කිරීමට සිය වේගය ඉහළ නංවාගත් අතර අවසන් තරගයේදී ආරම්භයේ සිටම පළමු ස්ථානය රැක ගැනීමටද සමත් විය.

මැලේසියාවේ සෙපැන්ග් කාර්ටින් ධාවන පථයට එදින වර්ෂාව සහිත දිනයක් වූ අතර අවසානයේ පතිත වූ හිරු රැස් සමග අවසන් තරගය පවත්වන අවස්ථාව වන විට ධාවන පථය සම්පූර්ණයෙන්ම වියළි තත්තවයට පත්ව තිබුණි.

තරගයේ දෙවැනි ස්ථානය හිමිකරගැනීමට නික් සමීර් සමත් වූ අතර මානව් ශර්මා තෙවැනි ස්ථානයටද, යුකී මිෂිමා සිවුවැනි ස්ථානයටද පත්වූහ. ඉකුත් වසරේ ශූරයා වූ ඉන්දුනීසියාවේ ප්‍රස්සේට්යෝ හර්ඞ්ජාට තරගය අතරතුර මුහුණ දුන් තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් පස්වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදුවිය.

මැලේෂියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයකු වන එෂාන් මැලේසියාවේ ආර්.එල්. කාර්ටින් කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරගය සඳහා සහභාගි විය.


- 036

 


අදහස් (0)

එෂාන් රොටැක්ස් 2018 ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.