Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ඔටර්ස් කී‍්‍රඩා සමාජයට ගුවන් හමුදා ප‍්‍රහාරයක්

ඔටර්ස් කී‍්‍රඩා සමාජයට ගුවන් හමුදා ප‍්‍රහාරයක්

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිවයිනේ ප‍්‍රධානතම පැසිපන්දු තරගාවලියක් වන කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ මෙතෙක් පැවැති තරග වලදී ජයග‍්‍රහණ ලබා ගැනීමට දොන් බොස්කෝ, ශ්‍රී ලංකා ගුවන් හමුදා ‘බී’, ආදී ආනන්දීය, මීගමුව නයිට්ස්, ඞී. පී. එම්. සී,  ඕල් ග‍්‍රීන්ස් සහ කොළඹ ‘බී’ යන කී‍්‍රඩා සමාජ කණ්ඩායම් සමත් වූහ.

ශී‍්‍ර ලංකා පැසිපන්දු පිටියේ ප‍්‍රබලතම කී‍්‍රඩා සමාජයක් වන ඔටර්ස් කී‍්‍රඩා සමාජයේ ‘බී’ කණ්ඩායම ලකුණු 63-36 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම සමත් විය. තවත් තරගයකදී තියුණු සටනකින් අනතුරුව  ඕල් ග‍්‍රීන්ස් කී‍්‍රඩා සමාජය විසින්  ඕ. එස්. කී‍්‍රඩා සමාජය ලකුණු 60 - 59 කින් පරාජය කරන ලදී.

මෙම තරග අමාල් ජාත්‍යන්තර පාසල් පැසිපන්දු පිටියේදී සහ ෆීල්ඞ් ෆෝස් පැසිපන්දු පිටියේදී පැවැත්විණ.
හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය සහ තාරුණ්‍යට හෙටක් සංවිධානය එක්ව මෙම තරගාවලිය සංවිධානය කරයි.


මෙතෙක් පැවැති තරග ප‍්‍රතිඵල

  • දොන් බොස්කෝ කී‍්‍රඩා සමාජය විසින් බ්ලූස් බෝල් ඔෆ් ඩෙස්ටිනි කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී. (65 - 26)
  • ශ්‍රී ලංකා ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම විසින් ඔටර්ස් කී‍්‍රඩා සමාජයේ ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදී. (63 - 36)
  • ආදී ආනන්දීය කී‍්‍රඩා සමාජය විසින් ගී‍්‍රන්ස් කී‍්‍රඩා සමාජයේ ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදී. (61 - 36)
  • මීගමුව නයිට්ස් කී‍්‍රඩා සමාජය විසින් ස්ටැලියන් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී. (69 - 54)
  • ඞී. පී. එම්. සී කී‍්‍රඩා සමාජය විසින් කුරුණෑගල කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී. (75 - 61)
  • ඕල් ග‍්‍රීන්ස් කී‍්‍රඩා සමාජය විසින්  ඕ. එස්. කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී. (60 - 59)
  • කොළඹ ‘බී’ කී‍්‍රඩා සමාජය විසින් බෆලෝස් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී. (66 - 45)

 


අදහස් (0)

ඔටර්ස් කී‍්‍රඩා සමාජයට ගුවන් හමුදා ප‍්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.