Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඔලිම්පික් රන් පදක්කම ගැන කවුරුන් බලාපොරොත්තු තබා තිබුණද ඒ සියල්ලම සෝදා හළ ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වේරව් අද (ඉරිදා) පැවැති අවසන් තරගයේදී රුසියානු ක්‍රීඩක කරන් කැෂනොව් පරාජය කරමින් රන් පදක්කම දිනාගත්තේය.
විනාඩි 79 ක් පුරා ඇදී ගිය අවසන් තරගයේදී රුසියානු ක්‍රීඩක කැෂනොව් ලකුණු 6-3 ක් සහ 6-1 ක් ලෙසින් ඇලෙක්සැන්ඩර් හමුවේ පරාජය විය.
වසර 29 කට පසුව ටෙනිස් ක්‍රීඩාවෙන් ඔලිම්පික් රන් පදක්කමක් ජර්මනියට දිනා දුන් ඇලෙක්සැන්ඩර් 1988 සෝල් ඔලිම්පික් උළෙලේදී කාන්තා කේවල රන් පදක්කම දිනාගත් ස්ටෙෆී ග්‍රාෆ්ගෙන් පසුව කේවල රන් පදක්කමක් දිනාගත් පළමු ජර්මානුවා විය. 1992 බාර්සිලෝනා උළෙලේදී පිරිමි යුගළ රන් පදක්කම දිනාගැනීමට ජර්මනියේ බොරිස් බෙකර් සහ මයිකල් ස්ටිච් සමත් වූහ.
ඇලෙක්සැන්ඩර් මෙවර අවසන් තරගයට පිවිසියේ නොවැක් ජොකොවික්ගේ ‘ගෝල්ඩන් ස්ලෑම්’ සිහිනයත් බොඳ කරමිනි. 2021 ඕස්ටේ්‍රලියානු විවෘත ශූරතාව, ප්‍රංශ විවෘත ශූරතාව මෙන්ම විම්බල්ඩන් ශූරතාවත් දිනා සිටින ජොකොවික්, ඔලිම්පික් රන් පදක්කම මෙන්ම ඇමරිකානු විවෘත ශූරතාවත් දිනාගනිමින් ‘ගෝල්ඩන් ස්ලෑම්’ සම්පූර්ණ කිරීමට සිහින මවමින් සිටියේය.
ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 5 ක්‍රීඩකයා වුවද ස්වේරව් ඇලෙක්සැන්ඩර් තවමත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනා නැත. පසුගිය වසරේදී එක්දසත් ජනපද විවෘත ශූරතාවලියේ ආසන්නයටම පැමිණි ඇලෙක්සැන්ඩර් අවසන් මහ තරගයේදී ඩොමිනික් තීම් හමුවේ පරාජය විය. ඇලෙක්සැන්ඩර් තවමත් 24 හැවිරිදි වියේ පසුවන හෙයින් ඔහුට ටෙනිස් පිටියේ දුර ගමනක් යාමේ අවස්ථාව තිබේ.
ඔලිම්පික් අවසන් තරගයේදී ඇලෙක්සැන්ඩර් හමුවේ පරාජය වූ රුසියානු ක්‍රීඩක කරන් කාච්නොව් විම්බල්ඩන් ශූරතාවලියේ අවසන් පූර්ව තරගයේදී පරාජය වූ ක්‍රීඩකයාය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.