Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ඔලිම්පික් කමිටු ලේකම්ට එරෙහි විශ්වාසභංගය කුණු කූඩයට

ඔලිම්පික් කමිටු ලේකම්ට එරෙහි විශ්වාසභංගය කුණු කූඩයට

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාට එරෙහිව විශ්වාස භංග යෝජනා ගෙන එමින් සාකච්ඡුා කිරීමට මෙය කාලයක් නොවන බවත් විය යුත්තේ අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව උපදෙස් දී ඇති පරිදි ශ්‍රී ලංකාවේ කී‍්‍රඩා රෙගුලාසි අන්තර්ජාතික ඔලිම්පික් ප‍්‍රඥාප්තියට අනුකූලව සකස් කර ගැනීමට කාලය අපතේ නොයවා කටයුතු කිරීම බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් කියා සිටියි.

මෙම ලිපිය ඊයේ (17) නිකුත් කළ ඔලිම්පික් කම්ටුවේ සභාපතිවරයා එහි පිටපත් කමිටුවේ සාමාජික ජාතික කී‍්‍රඩා සංගම් සියල්ලටත් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව හා ආසියානු ඔලිම්පික් කමිටුවේ ප‍්‍රධානීන්ටත් යවා තිබේ.

ලිපිය යොමු කිරීමට හේතු වී ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ කමිටුවේ වත්මන් කි‍්‍රයා කලාපයට විරෝධය පළ කරමින් ජාතික කී‍්‍රඩා සංගම් ප‍්‍රධානීන් පිරරිසක් ඔහුව විශ්වාස භංගයක් ගෙන ඒවා සඳහා ජාතික ඔලිම්පික් කමිටුවෙන් සාකච්ඡවක් ඉල්ලා සිටීම බව වාර්තා වේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ වත්මන් සභාපතිවරයා ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයෙකු ද වන විදෙස් රැකියා ප‍්‍රවර්ධන හා සුබ සාධන කටයුතු ඇමති ඩිලාන් පෙරේරා මහතාය.

හේමසිරි ප‍්‍රනාන්දු මහතා ලිපියෙන් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ එවැනි අනවශ්‍ය කාරණාවන් සාකච්ඡුා කිරීමට ඔලිම්පික් කමිටුවේ කාලය විඩංගු කිරීමට සූදාණම් නැති බවය.

ශ්‍රී ලංකාවේ කී‍්‍රඩා පනතේ නව රෙගුලාසි මගින් අන්තර් ජාතික ඔලිම්පික් ප‍්‍රඥප්තියට ගෙන දී තිබෙන මොහොතක සියළු ජාතික කී‍්‍රඩා සංගම් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන උපදෙස් හා විධිවිධාන වලට අනුකූලව කටයුතු කිරීමට අවස්ථාව කර ගත යුතු කාලයක ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු කරන්නේ එය සංවර්ධනය කර ගැනීමට විනා මෙවැනි අනවශ්‍ය කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නොවන බවත් ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා එම ලිපියෙන් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

ලිපියෙන් අවධාරණය කර තිබෙන කරුණු අතර මේ වන විට ජාතික ඔලිම්පික් කමිටුව කී‍්‍රඩා පනතේ හානිකර රෙගුලාසි සංශෝධනයේදී කි‍්‍රයාකාරී කමිටුව සමග කටයුතු කරමින් ඊට උපරිම දායකත්වය ලබාදී තිබේ.

ඒ සම්බන්ධයෙන් මතු වී තිබෙන අළුත් ප‍්‍රවනතා කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබෙන තත්ත්වයක් තුළ දැන් අපට කටයුතු කළ යුතුව තිබේ. සියළු දෙනා දැන ගත යුතු කරුණ වන්නේ අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවට පවරා තිබෙන භාරදූර කටයුත්තකට අනුව එය අවසාන විය යුත්තේ ජාතික කී‍්‍රඩා සංගම් රෙගුලාසි අදාල අන්තර් ජාතික කී‍්‍රඩා සම්මේලන ව්‍යවස්ථාවට අනුකූලව සම්මත කරමින් ජාතික කී‍්‍රඩා සංගම් නිලවරණ පැවැත්වීමෙන්ද එයින් පසු එළබෙන ජාතික ඔලිම්පික් ප‍්‍රඥප්තියට අනුකූලව පැවැත්වීමෙන්ද පසුව බවත් ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයාගේ ලිපියෙන් අවධාරණය කර තිබේ.


අදහස් (0)

ඔලිම්පික් කමිටු ලේකම්ට එරෙහි විශ්වාසභංගය කුණු කූඩයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.