Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ඕනෑම අයකු සමග වැඩ කරන්න මම සූදානම් - ඇමති ඩිලාන්

ඕනෑම අයකු සමග වැඩ කරන්න මම සූදානම් - ඇමති ඩිලාන්

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට තමා ඉදිරිපත් වෙන්නේ ස්වාධීන පුද්ගලයෙකු ලෙස බවත්, එහි සෙසු තනතුරු සඳහා පත්වන  ඕනෑම නිලධාරියෙකු සමග වැඩ කිරීමට තමා සූදානම් බවත් එහි සභාපති ධුරයට අද (13) නාමයෝජනා බාරදුන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා ”ලංකාදීප”යට පැවසීය.

අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ ඔලිම්පික් කමිටු නිලවරණයේදී තමා කිසිදු කණ්ඩායමකට එක් නොවන බවත්ය. ඇමැතිවරයාගේ නාමයෝජනාව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් සුනිල් රණසිංහ හා එහි උප සභාපතිවරයකු වන මහින්ද සෙනරත් බණ්ඩාර යන මහත්වරුන් විසින් අද ඔලිම්පික් නිවසේදී ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ෂ්වල් ද සිල්වා මහතාට බාර දෙනු ලැබීය.

කොළඹදී දැන් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේ රාජකාරි කටයුතු සඳහා සහභාගි වීමට සිදුව තිබෙන බැවින් තම නාමයෝජනාව වොලිබෝල් සම්මේලනයේ නියෝජිතයන් මගින් බාර දුන් බවත් ඇමැතිවරයා ”ලංකාදීප”ය කළ විමසුමේදී වැඩිදුරටත් පැවසීය.

වොලිබෝල් සම්මේලනයේ හා ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ යෝජනා ස්ථිරත්වයෙන් ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ නාමයෝජනාව අද බාර දුන්නේය.
වොලිබෝල් සම්මේලනයේ ලේකම් සුසිල් රණසිංහ, ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජ්‍ය ලේකම් ධුරයටත්, ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් උප සභාපතිවරයකු වන ඩයන් ගෝමස් මහතා උප සභාපති ධුරයකටත් අද නාමයෝජනා බාර දුන්නේය.

මේ අතර එහි වත්මන් විධායක සභිකයෙකු වන රොහාන් ප‍්‍රනාන්දු මහතා ද සභාපති ධුරයට නාමයෝජනා බාරදීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු, අසුන් පිට යාමේ ක‍්‍රීඩා සංගමයේ සභාපති සුරංජිත් පේ‍්‍රමදාස, ශ්‍රී ලංකා හොකි සම්මේලනයේ සභාපති සුමිත් එදිරිසිංහ, ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු යන මහත්වරු ද ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති ධුර සඳහා නාමයෝජනා බාරදීමට සූදානමින් සිටියහ.

භාණ්ඩාගාරික ධුරයට වත්මන් භාණ්ඩාගාරික ගාමිණි ජයසිංහ හා ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති සුරාජ් දන්දෙනිය යන මහත්වරුන්, ප‍්‍රධාන ලේකම් ධුරයට වත්මන් ලේකම් මැක්ෂ්වල් ද සිල්වා, හිටපු ලේකම් එච්.යූ. සිල්වා, ශ්‍රී ලංකා ජාතික ජල ක‍්‍රීඩා සංගමයේ ලේකම් අක්රි ස්මයිල් යන මහත්වරුන්, නියෝජ්‍ය ලේකම් ධුරයට මලල ක‍්‍රීඩා සංගමයේ ලේකම් පේ‍්‍රමා පින්නවල යන මහත්වරුන් අද නාමයෝජනා බාරදෙනු ඇතැයි ඔලිම්පික් කමිටු ආරංචිමාර්ග සඳහන් කරයි.

වත්මන් සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා මෙවර නිලවරණයට ඉදිරිපත් නොවන අතර, ලබන දෙසැම්බර් 27 වැනිදා පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට (2013-17) නාමයෝජනා බාර ගැනීම හෙට පස්වරු 4.30ට අවසන් කෙරේ.


අදහස් (2)

ඕනෑම අයකු සමග වැඩ කරන්න මම සූදානම් - ඇමති ඩිලාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.