Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති 5 වැනි ජාතික කඩු හරඹ තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට එම්. ඩී. එස්. ක්‍රීඩා සමාජය සමත් විය. රන් පදක්කම් 3 ක්, රිදී පදක්මක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගනිමින් එම්. ඩී. එස් ක්‍රීඩකයෝ පළමු වරට ජාතික කඩු හරඹ ශූරතාවට හිමිකම් කීහ.
|
|
මින් පෙර තෙවරක්ම (2012, 2013 සහ 2014) ජාතික කඩු හරඹ තරගාවලියේ ශූරයන් බවට පත්ව සිටි ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයට මෙවර තරගාවලියේදී අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය අනු ශූරතාවට හිමිකම් කීවේ රන් පදක්කම් 3 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගනිමිනි.
ඉකුත් වසරේ ශූරතාව දිනාගත් යුනිචෙලා ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් වූ අතර ඔවුහු රන් පදක්කමකට, රිදී පදක්ම් 2 කට සහ ලෝකඩ පදක්කම් 3 කට හිමිකම් කීහ.
දෙපිට මුවහත් අසිපත් (සබී්‍ර) කාණ්ඩයේ (පිරිමි) රන් පදක්කම දිනාගත් යුනිචෙලා ක්‍රීඩා සමාජයේ සුදේෂ් චන්දන තරගාවලියේ දක්ෂතම කඩු හරඹ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් අතර එම (සබී්‍ර) කාණ්ඩයේම (කාන්තා) රන් පදක්කම දිනාගත් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ අනුරුද්ධිකා ධනංජලී දක්ෂතම කඩු හරඹ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
පිරිමි කණ්ඩායම් අවසන් තරගයේදී යුනිචෙලා ක්‍රීඩා සමාජය පරාජය කිරීමට ලීනියා ක්‍රීඩා සමාජය සමත්වූ අතර කාන්තා කණ්ඩායම් අවසන් තරගයේදී සිලුවේටා ක්‍රීඩා සමාජය පරාජය කිරීමට එම්. ඩී. එස්. ක්‍රීඩා සමාජය සමත්විය.
සැහැල්ලු අසිපත් (ෆොයිල්), බර අසිපත් (එපී), දෙපිට මුවහත් අසිපත් (සබී්‍ර) යන කාණ්ඩ 3 යටතේ පැවැති මෙම තරගාවලියේදී පිරිමි සහ කාන්තා අංශ සඳහා කේවල සහ කණ්ඩායම් වශයෙන් තරග පැවැත්විණ.
ජාතික කඩු හරඹ සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා ස්ලිම්ලයින්, යුනිචෙලා, සිලූවේටා, එම්. ඩී. එස්., තුරුලි, සදර්න්, ස්ලිම්ටෙක්ස්, රැපිඞ්, ලීනියා සහ හෙළ යන ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 103 ක් සහභාගී වූහ.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ ජාතික කඩු හරඹ සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා ප්‍රධාන ආරාධිතයන් ලෙස තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වූහ.
පිරිමි තරග ප්‍රතිඵල
සැහැල්ලූ අසිපත් (ෆොයිල්) කාණ්ඩය
සුරේෂ් සුදර්ශන (එම්. ඩී. එස්.) විසින් ජනක විජේබණ්ඩාර (එම්. ඩී. එස්.) පරාජය කරන ලදි.
බර අසිපත් (එපී) කාණ්ඩය
නුවන් ප්‍රියදර්ශන (ස්ලිම්ලයින්) විසින් විමුක්ති පතිරණ (ලීනියා) පරාජය කරන ලදි.
දෙපිට මුවහත් අසිපත් (සබී්‍ර) කාණ්ඩය
සුදේෂ් චන්දන (යුනිචෙලා) විසින් රොෂාන් සමීර (ස්ලිම්ලයින්) පරාජය කරන ලදි.
කණ්ඩායම් තරගය
ලීනියා ක්‍රීඩා සමාජය විසින් යුනිචෙලා ක්‍රීඩා සමාජය පරාජය කරන ලදි.
කාන්තා තරග ප්‍රතිඵල
සැහැල්ලූ අසිපත් (ෆොයිල්) කාණ්ඩය
රීටා ප්‍රකාෂම් (එම්. ඩී. එස්.) විසින් අශෝකා උදයංගනී (සිලූවේටා) පරාජය කරන ලදි.
බර අසිපත් (එපී) කාණ්ඩය
නිරංජලා වීරරත්න (ස්ලිම්ලයින්) විසින් පියුමි ක්‍රිෂාන්ති (ලීනියා) පරාජය කරන ලදි.
දෙපිට මුවහත් අසිපත් (සබී්‍ර) කාණ්ඩය
අනුරුද්ධිකා ධනංජලී (ස්ලිම්ලයින්) විසින් කාංචනා මධුභාෂිණි (යුනිචෙලා) පරාජය කරන ලදි.
කණ්ඩායම් තරගය
එම්. ඩී. එස්. ක්‍රීඩා සමාජය විසින් සිලූවේටා ක්‍රීඩා සමාජය පරාජය කරන ලදි.
|
|
5 වැනි ජාතික කඩු හරඹ තරගාවලියේ විශේෂ අවස්ථා...
(ඡායාරූප - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.