Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික කඹ ඇදීමේ තරගාවලියේ පිරිමි ශූරතාව ගුවන් හමුදාව විසින් දිනා ගන්නා ලදී. යුද හමුදාව එහි කාන්තා ශූරතාව දිනා ගත්තේය. මහරගම නාවින්න මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියට පිරිමි හා කාන්තා කණ්ඩායම් 36 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 650 දෙනෙක් සහභාගිවුහ.
කිලෝග‍්‍රෑම් 640 බර පංතියෙන් පිරිමි තරග පැවැති අතර කාන්තා තරග කිලෝග‍්‍රෑම් 560 බර පංතියෙන් පැවැත්විණ. පිරිමි තරගාවලියේ අනුශූරතාව ගුවන් හමුදාව දිනාගත් අතර නාවික හමුදාව තෙවැනි ස්ථානය ලැබීය.
නාවික හමුදාව කාන්තා තරගාවලියේ අනුශූරතාව හිමිකර ගත් අතර රද්දොළුගම උදාන ක‍්‍රීඩා සමාජයට කාන්තා තෙවැනි ස්ථානය හිමිවිය. ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය මෙම තරගාවලිය සංවිධානය කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.