Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම පැසිපන්දු තරගාවලියක් වන කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලිය හෙට (24 වැනිදා) ආරම්භ වීමට නියමිතය. තරගාවලිය ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වේ.
හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානය එක්ව පස් වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලිය සැප්තැම්බර් මස 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලිය සඳහා පැසිපන්දු කණ්ඩායම් 39 ක් ඉදිරිපත්ව තිබෙන අතර ඉන් කණ්ඩායම් 13 ක් ‘ඒ’ කාණ්ඩයෙන්ද, කණ්ඩායම් 26 ක් ‘බී’ කාණ්ඩයෙන්ද තරග වදිති. ඒ කාණ්ඩයෙන් තරග 40 ක් පැවැත්වෙන අතර ‘බී’ කාණ්ඩයෙන් තරග 80 ක් පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ තරග, හෙන්රි පේද්‍රිස් පැසිපන්දු කී‍්‍රඩාංගණයේ, පොලිස් ක්ෂේත‍්‍ර බලකා මුලස්ථාන පැසිපන්දු කී‍්‍රඩාංගණයේ සහ අමාල් අන්තර් ජාතික පාසල් පැසිපන්දු කී‍්‍රඩාංගණයේ පැවැත්වේ.
පසුගිය වසරේ පැවැති තරගාවලියේදී කොළඹ පැසිපන්දු කී‍්‍රඩා සමාජය ‘ඒ’ කාණ්ඩයේ ශූරතාවට හිමිකම් කීවේය. එවර ඉතා තියුණු තරගයකින් පසුව කොළඹ පැසිපන්දු කී‍්‍රඩා සමාජය විසින් ලකුණු 51 - 50 ලෙස හම්බන්තොට බ්ලූස් පැසිපන්දු කී‍්‍රඩා සමාජය පරාජය කරනු ලැබිණ.
කොළඹ ජාත්‍යන්තර පාසල් පැසිපන්දු කණ්ඩායම ලකුණු 60 - 50 ක් ලෙස පරාජය කළ මොරටුව පැසිපන්දු කී‍්‍රඩා සමජය පසුගිය වසරේදී ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනාගත්තේය. පසුගිය වසරේ ‘බී’ කාණ්ඩයේ ශූරයන්වූ මොරටුව පැසිපන්දු කී‍්‍රඩා සමජය මෙවර තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය.
මෙම තරගාවලියට අමතරව වයස 14 න් පහළ තරගාවලියක්, 19 න් පහළ ප‍්‍රදර්ශන තරගයක් සහ රෝද පුටු පැසිපන්දු ප‍්‍රදර්ශන තරගයක් ලෙස තවත් තරගාවලි 3 ක් පැවැත්වීමට සංවිධායක කමිටුව පියවර ගෙන තිබේ.
ඉන් වයස 14 න් පහළ තරගාවලිය සැප්තැම්බර් මස 14 වැනිදා සිට 21 වැනිදා දක්වාත්, 19 න් පහළ ප‍්‍රදර්ශන තරගය සැප්තැම්බර් මස 20 වැනිදාත්, රෝද පුටු පැසිපන්දු ප‍්‍රදර්ශන තරගය සැප්තැම්බර් මස 15 වැනිදාත් පැවැත්වේ.
භාරතී එයර්ටෙල් සමාගම තරගාවලියේ ප්ලැටිනම් අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරන අතර හසලිය පි‍්‍රයියම් තේ සමාගම තරගාවලියේ රන් අනුග‍්‍රාහකයා ලෙසත්, රෙඞ් බුල් සමාගම තරගාවලියේ ශක්තිජනක පානය සපයනන්නා ලෙසත්, සීමාසහිත රොබිකෑන් ජාත්‍යන්තර සමාගම තරගාවලියේ ආහාර පාන සපයන්නා ලෙසත් කටයුතු කරයි.
භාරතී එයාර්ටෙල් සමාගම නියෝජනය කරමින් චරිත් ද චිකේරා මහතා එම සමාගම අනුග‍්‍රහකත්වය ලබාදෙන හම්බන්තොට බ්ලූස් පැසිපන්දු කී‍්‍රඩා සමාජයේ බ්ලැක්ස් කණ්ඩායමට තරගාවලියේ නිල බැනියම ප‍්‍රදානය කළ අවස්ථාව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.