Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner කැරම් සම්මේලනයට නව මූලස්ථානයක්

කැරම් සම්මේලනයට නව මූලස්ථානයක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නව මුලස්ථානය ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණ.

නුගේගොඩ කොහුවල සුනේත‍්‍රාදේවි මාවතේ අංක 25 දරණ ස්ථානයේ පිහිටා ඇති කැරම් මුලස්ථානය විවෘත කිරීමේ උත්සවයට සමගාමීව කැරම් සම්මේලනයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයද පැවැත්විණ.

ඉන්දිය කැරම් සම්මේලන තරගාවලියේදී ශූරතා සහ අනුශූරතා දිනාගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙන්ම කැරම් සම්මේලනය සංවිධානය කළ තරගවලදී ජයගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙහිදී සම්මාන පිරිනැමිණ.

මෙම නව සම්මේලන මුලස්ථාන ක‍්‍රීඩා සංකීර්ණය වායු සමනය කිරීම් සහිතව අන්තර්ජාතික තරග පැවැත්විය හැකි අයුරින් ඉදිකර ඇතැයි කැරම් සම්මේලනය පවසයි.

සතියේ දිනවල පස්වරු 2.00 සිට පස්වරු 6.00 දක්වා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පුහුණුව ලැබීමට කැරම් සම්මේලන මූලස්ථානය විවෘත පවතී. තරග නොපැවැත්වෙන සෙනසුරාදා සහ ඉරිදා දෙදින ද පුහුණුවීම් ස`දහා විවෘත කෙරේ.

විවෘත කිරීමේ උත්සවයේදී ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සහ ලෝක කැරම් ශූර නිශාන්ත ප‍්‍රනාන්දු අතර ප‍්‍රදර්ශන කැරම් තරගයක්ද පැවැත්විණ.


- 090

 

 

 

 

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් නව කැරම් මූලස්ථානය විවෘත කරන ලද අයුරු

 

 

 

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් ඉන්දීය කැරම් සම්මේලන කුසලාන තරගාවලියේ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට  කුසලානයක් පිරිනමන ලද අයුරු

 

 

 

 

 

 

 

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් ඉන්දීය කැරම් සම්මේලන කුසලාන තරගාවලියේ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කුසලානයක් පිරිනමන ලද අයුරු


අදහස් (0)

කැරම් සම්මේලනයට නව මූලස්ථානයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.