Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා සම්බන්ධයෙන් බලපැවැත්වෙන කී‍්‍රඩා පනතත් එහි ඇතැම් රෙගුලාසි හා විධිවිධාන සමග අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නියාමන මත කි‍්‍රයාත්මක වන ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාවත් අතර අති ගැටුම පිළිබඳ සාකච්ඡ කිරීම සඳහා කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා සහ ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් මේ මස 27 වැනිදා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ මූලස්ථානය පිහිටි ස්විට්සර්ලන්තයේ ලූසේන් නුවරට කැඳවා තිබේ.
නොවැම්බර් 15 වැනිදා දාතමින් යුත් මෙම කැඳවීමට අදාළ ලිපිය කී‍්‍රඩා අමාත්‍යවරයාට මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ උසස් නිලධාරීන්ටත් එවනු ලැබ ඇත.
මෙම කැඳවීම සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍යංශයෙන් කළ විමසීමකදී එහි ප‍්‍රකාශයකයකු පවසා සිටියේ කී‍්‍රඩා අමාත්‍යංශයට එවන් ලිපියක් ලැබී ඇති බවත් කී‍්‍රඩා අමාත්‍යවරයා හෝ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් මේ මස 27 වැනිදා ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙන හමුවීමට සහභාගි වන බවත්ය.
”මෙතන වෙලා තියෙන්නේ, අවුරුදු 40 ක් මේ කී‍්‍රඩා පනතෙන් පාලනය වෙලා ආපු ජාතික ඔලිම්පික් කමිටුව, හිටි හැටියේම ලියුමක් යවනවා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට, අවුරුදු 40 ක් තිබ්බ කී‍්‍රඩා පනතේ විධිවිධාන අනුව ඒගොල්ලන්ගේ ස්වාධීනත්වයට බලපෑමක් වෙනවා කියල”
”ඒක නිසා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ඒ පිළිබඳ සාකච්ඡ කරන්න, කී‍්‍රඩා අමාත්‍යංශයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසකට ආරාධනා කරල තියෙනවා. ඒ ආරාධනාව කී‍්‍රඩා අමාත්‍යංශයෙන් පිළිගෙන, ශී‍්‍ර ලංකාවේ උත්තරීතර නීතිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ අවුරුදු 40 ක් තිබ්බ කී‍්‍රඩා පනත සහ එහි තිබෙන්නා වූ වලංගුභාවය පිළිබඳව අපේ පැත්තෙන් කරුණු පැහැදිළි කරන්න, ඇතැම් විට කී‍්‍රඩා ඇමතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හෝ නැත්නම් කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ස්විට්සර්ලන්තයට යනවා” යයි කී‍්‍රඩා අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙක් ඊයේ (17 වැනිදා) ලංකාදීපයට පැවසීය.
”කොහොම වුණත් මේ සම්බන්ධයෙන් ඇමතිතුමාම යනවාද නැද්ද කියන එක ගැන තාම තීරණයක් නෑ” යයිද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය සඳහා මේ වන විටත් නාමයෝජනා කැඳවා ඇති බැවින් මෙම ලිපිය සම්බන්ධයෙන් එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී මැක්ස්වෙල් ද සිල්වා මහතා කියා සිටියේ අදාළ කැඳවීමේ ලිපිය තමන්ටද ලැබී ඇති බවත් එම කැඳවීම සඳහා ලූසේන් නුවරට යාමට ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සිදුවන බවත්ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.