Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇමති ඩිලාන් පෙරේරා මහතා මාධ්‍ය හමුව ඇමතූ අයුරු. ජාතික ඔලිම්පික් කමිටුවේ උපසභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු, එහි උප ලේකම් සුසිල් රණසිංහ යන මහත්වරුද ඡයාරූපයේ වෙති.
ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාව අහෝසි වී ඇතැයි එහි සභාපතිවරයා කරන ප‍්‍රකාශය අසත්‍යයක් බවත් වත්මන් තත්ත්වය හමුවේ එහි විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමේ හැකියාවක් නැතැයි කරන ප‍්‍රකාශයද තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් අද (26) ‘පාපන්දු නිවසේ’ පැවති මාධ්‍ය හමුවකදී ජාතික ඔලිම්පික් කමිටුවේ උපසභාපතිවරයෙකු වන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන ඇමති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
කී‍්‍රඩා පනත සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව හා කී‍්‍රඩා අමාත්‍යාංශය අතර ඇතිවී තිබෙන මත ගැටුම සහ ඒ ඇසුරෙන් පැනනැගී තිබෙන ගැටඑ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.
ඒ සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික කී‍්‍රඩා සංගම් 25 න් 20 ක සභාපතිවරු සහ ලේකම්වරු සහභාගී වූහ. මෙම මාධ්‍ය හමුව කලින් යොදාගත් ඔලිම්පික් කමිටු ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට අවසර නොලැබීම නිසා යාබද පාපන්දු සම්මේලන මූලස්ථානයේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට සංවිධායකයන් කටයුතුකර තිබුණි.
එහිදී අදහස් දැක්වූ ඇමති ඩිලාන් පෙරේරා මහතා වත්මන් ප‍්‍රශ්නයේදී ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිවරයා සහ ලේකම්වරයාගේ මතය සමග සිටින්නේ සාමාජික ජාතික කී‍්‍රඩා සංගම් පහක් පමණක් බව පැවසීය.
ඔලිම්පික් නිවසේදී සිය මාධ්‍ය හමුව පැවැත්වීමට ඉඩනොදීමෙන් ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පයින් ගසා තිබෙන බවත් සිය ඉල්ලීම්වලට ඇහුම්කන් නොදෙන්නේ නම් තමන්ට තවත් ඉතිරිව ඇත්තේ දෙවියන් යැදීම නොව නීතියේ පිහිට පැතීම බවත් පැවසීය.
මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් ඇමතිවරයා මෙසේ පැවසීය.
”මේ හදන්නේ එයාලා නිලවරණයට එන්නේ නෑ කියලා ඊ ළඟ ඔලිම්පික් උළෙල වෙනකන් කල්මරන්නයි.”
”අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ජාතික කී‍්‍රඩා සංගම් 18 ක අනුමැතියෙන් අපි යවපු ලිපියට එවාපු උත්තර අපි ඉදිරියේ මාධ්‍ය වෙත සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා”
”වර්ෂ ගණනාවක් ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාව දැන් අහෝසි වෙලා කියලවත් විශේෂ මහසභා රැස්වීමක් කැඳවන්න බෑ කියලාවත් සඳහන් වෙන්නේ නෑ. අපි කියන්නේ හේමසිරි ප‍්‍රනාන්දු මහතාට මහ සභා රැස්වීමක් කැඳවලා ප‍්‍රශ්න සාකච්ඡුා කරමු කියලා. ඒ නිසා දැන් විධායක සභා රැස්වීම තියන්නවත් එතුමා උනන්දු නැහැ. ලේකම්වරයා ඔලිම්පික් කමිටුව එයාගේ ප‍්‍රවේණියක් කියලා හිතාගෙන කටයුතු කරන බවක් පේනවා.” යයිද ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
”කී‍්‍රඩා පනතේ නව රෙගුලාසි සංශෝධනය සම්බන්ධයෙන් ඔලිම්පික් කමිටුව ගත් තීරණ කිසිදෙයක් ගැන එහි ජාතික කී‍්‍රඩා සංගම් දැනුම්වත් වෙලා නෑ. විධායක සභාව ඒ කිසිම දෙයක් දන්නේ නෑ. අද ඔලිම්පික් කමිටුව බවට පත්කරගෙන තිබෙන්නේ ජාතික කී‍්‍රඩා සංගම් පහක් විතරද කියලා හේමසිරි ප‍්‍රනාන්දු මහතා සහ මැක්ස්වෙල් ද සිල්වා මහතාගෙන් අපි ප‍්‍රශ්න කරනවා.” යයිද ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම මාධ්‍ය හමුව ඇමතූ ජාතික ඔලිම්පික් කමිටුවේ උපසභාපති හා ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා පැවසුවේ ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් ලේකම්වරයා එහි ව්‍යවස්ථාව වෙනස්කරගත් අයකු බවට කමිටුව පැවැත්වූ පරීක්ෂණයකදී හෙළිකර ගත් බවය.
කී‍්‍රඩා පනතේ නව සංශෝධන සියයට 70කට පමණ කී‍්‍රඩා ඇමතිවරයාගේ අනුමැතිය ලැබී තිබියදී ඉතිරිය ඔහු සාකච්ඡවෙන් විසඳා ගැනීමේ වාතාවරණයක් සකස්වී තිබියදී උද්ගතවී තිබෙන තත්ත්වය ගැන කණගාටු විය යුතුබවද ඔහු පැවසීය.
ජාතික කී‍්‍රඩා සංගම් ලියාපදිංචිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු පැවසුවේ කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි නොවන කී‍්‍රඩා සංගමයක් රටේ හඳුනාගන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කර සිටියේය.
ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම්වරයෙකු වන ශ්‍රී ලංකා දුන්නෙන් විදීමේ සංගමයේ සභාපති කොමදෝරු එච්.යූ. සිල්වා මහතා මාධ්‍ය හමුව අමතමින් පැවසුවේ ඔලිම්පික් කමිටුවේ සමහර ප‍්‍රධානීන් අද කටයුතු කරන ආකාරය දෙස බැලීමේදී ඔවුන්ගේ ලැජ්ජා බය නැතිවී නැතිවී තිබෙන තත්ත්වයක් පෙනෙන බවයි.
”ජාතික කී‍්‍රඩා සංගම් 20 ක් එළියට දාලා අද ඔවුන් පහක් එක්ක වැඩ කරනවා. අද අපට මූලස්ථානය වැහුවා. ඔවුන්ගේ මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නවත්වන්න සියලූ දෙනා අත්වැල් බැඳගත යුතුයි” යයි සිල්වා මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.