Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner කෙවින් ඇන්ඩසන් වාර්තා පොත අලුත් කරයි

කෙවින් ඇන්ඩසන් වාර්තා පොත අලුත් කරයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ එතෙක් මෙතෙක් වාර්තා වූ දීර්ඝතම අවසන් පූර්ව තරගය ලෙස වාර්තා පොතට එක් කරමින් පැය 6 කුත්, මිනිත්තු 35 ක් පුරා අමෙරිකාවේ ජෝන් අයිනර් හෙම්බත් කළ දකුණු අප්‍රිකාවේ කෙවින් ඇන්ඩර්සන් ලකුණු 7-6, 6-7, 6-7, 6-4 ලෙස තරගය ජයගෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්විය.

තරගයේ අවසන් වටය පමණක් පැය 2 කුත්, මිනිත්තු 50 ක් පුරා ඇදී ගියේය.

වසර 97 කට පසුව විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු දකුණු අප්‍රිකානු ජාතිකයා ලෙස වාර්තාපොත අලුත් කිරීමටත් ඇන්ඩර්සන් සමත්විය.

මීට පෙර අවසන් වතාවට දකුණු අප්‍රිකානු ජාතිකයකු විම්බල්ඩන් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ 1921 වසරේදීය. එවර අවසන් තරගයට එක්වූ දකුණු අප්‍රිකාවේ බ්‍රයන් නෝට්න් අනුශූරයා වූයේ අමෙරිකාවේ බිල් ටිල්ඩන් හමුවේ පරාජයට පත්වෙමිනි.

මේ තරගයට පෙර දීර්ඝතම ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගය ලෙස වාර්තාපොතේ තිබුණේ 2013 විම්බල්ඩන් පිටියේදී පැය 4 කුත්, මිනිත්තු 44 ක් පැවැති නොවැක් ජොකෝවික් සහ ජුවාන් මාටින් ඩෙල් පොට්රෝ අතර තරගයයි. එමෙන්ම විම්බල්ඩන් ටෙනිස් ඉතිහාසයේ දීර්ඝතම දෙවැනි තරගය ලෙසත්, ටෙනිස් ඉතිහාසයේ දීර්ඝතම තුන්වැනි තරගය ලෙසත් ඊයේ තරගය  වාර්තා පොතට එක්විය.

පසුගිය වසරේ අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් තරගයේදී රෆායල් නඩාල් හමුවේ පරාජයට පත්වී අනුශූරතාවයෙන් සෑහීමකට පත්වූ ඇන්ඩර්සන් මෙවර විම්බල්ඩන් අවසන් පූර්ව තරගයට එක්වූයේ ප්‍රබල ක්‍රීඩක රොජර් ෆෙඩරර්ට අර්ධ අවසන් පූර්ව තරගයේදී අමතක නොවන පරාජයක් උරුම කර දෙමිනි.

වාර්තා පිට වාර්තා අලුත් කළ අවසන් පූර්ව තරගයෙන් අයිනර් පරදවා ලැබූ විශිෂ්ට ජය එතරම් ඉහළින් සැමරීමට ඇන්ඩර්සන් කටයුතු නොකළේ දෙදෙනා දීර්ඝ කාලයක් තිස්සේ හොඳ මිතුරන්වී සිටින බැවිනි.

 

- 077


අදහස් (0)

කෙවින් ඇන්ඩසන් වාර්තා පොත අලුත් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.