Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner කොළඹ රාජකීය තුරඟ තරග සමාජය ඇරඹෙයි

කොළඹ රාජකීය තුරඟ තරග සමාජය ඇරඹෙයි

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


තුරඟ තරග නැවතත් ප‍්‍රචලිත කිරීමේ අරමුණින් ‘කොළඹ රාජකීය තුරඟ තරග සමාජය’ ලෙස නව කී‍්‍රඩා සමාජයක් පිහිටුවා තිබේ. එම සමාජයේ පළමු ප‍්‍රධාන විධායක නිලධාරි මෙන්ම ක‍්‍රියාකාරී සාමාජිකයන්ගේ සභාපතිවරයා ලෙස  වේන් වුඞ්ස් මහතා කටයුතු කරයි.

තුරඟ තරග වලදී වර්තමානයේදී බහුලව දක්නට ලැබෙන පරිදි තරග නීති රීති කඩකරමින් අශ්වයන් හැසිරවීම, අශ්වයන්ට තහනම් උත්තේජක ලබාදීම වැනි ක‍්‍රියාවලට තමන් ඉඩ නොතබන බව කී‍්‍රඩා සමාජය හදුන්වාදීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී වුඞ්ස් මහතා කියා සිටියේය.

තුරඟ තරග සඳහා අසුන් මෙහෙයවීම සම්බන්ධ උපදේශක පුහුණුකරුවකු මෙන්ම ක‍්‍රියාකාරී සාමාජිකයකු වන සින්ක්ලෙයාර් මාෂල් මහතා එහිදී කියා සිටියේ ශ‍්‍රී ලංකාව තුරඟ තරග සඳහා කලාපයේ ප‍්‍රධාන රටක් දක්වා ගෙන ඒමේ වැයමට ඔහු සිය සාමාජිකයන් සමග එක්ව සහයෝගයෙන් කටයුතු කරන බවයි. මාෂල් මහතා ඉන්දියාවේ බොම්බේ, පූනේ, මදුරාසි සහ මයිසූර් තුරඟ තරග සමාජ කිහිපයකම තරග කළ සහ ‘ඩර්බි‘ අශ්වයන් 8 දෙනෙක් මෙහෙයවූ තරගකරුවෙකි.

කීර්තිමත් තුරඟ තරග ලෝලියකු වන සුරන්ජිත් පේ‍්‍රමදාස මහතා රාජකීය තුරඟ තරග සාමාජයේ සභාපතිවරයාය. ලූසිල් දහනායක මහත්මිය එහි ලේකම් ධූරයත්, නිෂිත රූපසිංහ මහතා භාණ්ඩාගාරික ධූරයත් හොබවන අතර රන්ජිත් දහනායක, නිහාරා ජයතිලක සහ සුදර්ශන දේශප‍්‍රිය කාරක සභිකයෝ ලෙස කටයුතු කරති.

පළමු වරට මෙරටට තුරඟ තරග හඳුන්වා දෙන ලද්දේ 1840 වසරේදී ජෝන් බේකර් මහතා විසිනි. ඒ 1875 වසරේ නුවරඑළිය තුරඟ තරග පිටියේදී පළමු තුරඟ තරගය පැවැත්වීමත් සමගය.

පසුව 1910 වසරේදී ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි එඞ්වර්ඞ් මැකලම් මහතා විසින් ‘ආණ්ඩුකාර කුසලාන‘ සහ ‘රැජන කුසලාන’ තරගාවලි ආරම්භ කරන ලදි. 1950 පමණ වන විට ආසියානු කලාපයේ තුරඟ තරග අතර ශ‍්‍රී ලංකාව ප‍්‍රබල තත්ත්වයක සිටියේය.

වසර 2000 දී නුවරළිය තුරඟ තරග පිටිය ක‍්‍රීඩා අමාත්‍යංශයට පවරා ගැනීමත් සමගම එහි කළමනාකාරීත්වය සුගතදාස ජාතික ක‍්‍රීඩා සංකීර්ණ අධිකාරිය වෙත නතු විය. ඉතා සිත් ඇදගන්න සුළු අලංකාර පසුබිමක් ඇති නුවරඑළිය තුරඟ තරග පිටියේ පරිධිය, මීටර් 1800 ක් පමණ වන අතර එය මුහුදු මට්ටමේ සිට මීටර් 1868 පමණ උසකින් පිහිටයි.

මේ වසරේදී තුරඟ තරගාවලි 7 ක් පැවැත්වීමට රාජකීය තුරඟ තරග සාමාජය කටයුතු යොදා ඇති අතර ඉන් පළමු වැන්න මාර්තු 20 වෙනිදා පැවැත්වීමට නියමිතය. දෙවැනි තරගාවලිය අපේ‍්‍රල් මාසයේදී දින 4 කදී (10, 16, 23 සහ 30) පැවැත්වෙන අතර ඉතිරි තරගාවලි 5 අගෝස්තු (6 සහ 20), සැප්තැම්බර් (11 සහ 17), ඔක්තෝබර් (16), නොවැම්බර් (13) සහ දෙසැම්බර් (11) යන මාස වලදී පැවැත්වේ.

 


(වමේ සිට) -
රාජකීය තුරඟ තරග සාමාජයේ කමිටු සාමාජික රංජිත් දහනායක, ලේකම් ලූසිල් දහනායක, පුහුණු උපදේශක සින්ක්ලෙයාර් මාෂල්, ප‍්‍රධාන විධායක නිලධාරි සහ ක‍්‍රියාකාරී සාමාජිකයන්ගේ සභාපති වේන් වුඞ්ස්, භාණ්ඩාගාරික නිෂාන්ත රූපසිංහ, කමිටු සාමාජික පණ්ඩුක සහ සුදර්ශන දේශපි‍්‍රය යන මහත්ම මහත්මීහු

 


අදහස් (0)

කොළඹ රාජකීය තුරඟ තරග සමාජය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.