Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ (රතු) කණ්ඩායම සහ මහනුවර (නිල්) කණ්ඩායම අද (12 වැනිදා) කොළඹ කෘත්‍රිම හොකී ක්‍රීඩාංගණයේදී අවසන් වූ 50 වැනි අන්තර් ඒකාබද්ධ පාසල් වයස අවුරුදු 20න් පහළ හොකී තරගාවලියේ බාලක - බාලිකා ශූරතා දිනාගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ 2017 වසරේ හොකී තරග සටහනේ පළමු තරගාවලිය ලෙස දින 3ක් ක්‍රියාත්මක වූ මෙම තරගාවලියට බාලක කණ්ඩායම් 12ක්ද, බාලිකා කණ්ඩායම් 9ක්ද සහභාගී වූහ.
මෙවර තරගාවලියේ බාලක සහ බාලිකා ශූරතා දිනාගත් කොළඹ (රතු) සහ මහනුවර (නිල්) යන කණ්ඩායම් ගිය වසරේද එම ශූරතාවන්ට හිමිකම් කී කණ්ඩායම් දෙකයි.
කොළඹ (රතු) සහ මාතලේ (රන්) කණ්ඩායම් දෙක අතර බාලක අවසන් තරගය පැවැති අතර එහිදී තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිළම ගෝල 2 බැගින් ලබා සම තත්වයේ පසුවිය. අනතුරුව පැවැති දඬුවම් පහර අවස්ථාවේදී කොළඹ (රතු) කණ්ඩායම ගෝල 4-3 ක් ලෙස ජයගත්තේය. දිලූෂ මිහිරංග සහ බෝධික ඩයස් කොළඹ (රතු) කණ්ඩායම වෙනුවෙන්ද අශේන් බණ්ඩාර සහ මෙහොමඩ් අම්ජාඩ් මාතලේ (රන්) කණ්ඩායම වෙනුවෙන්ද තරගයේ නියමිත කාලයේදී ගෝල ලබාගත්හ.
ජීවන්ත එදිරිසිංහ (කොළඹ-රතු) දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, අනුරාධ රණවීර (මාතලේ-රන්) දක්ෂතම ගෝල රකින්නා ලෙසත් එහිදී සම්මාන ලැබූහ.
බාලක තරගාවලියේ අවසන් පූර්ව වටයේදී කොළඹ “රතු“ කණ්ඩායම විසින් කොළඹ “නිල්“ කණ්ඩායම ගෝල 2-0කින් පරදාද, මාතලේ “රන්“ කණ්ඩායම විසින් ගම්පහ කණ්ඩායම ගෝල 9-2 කින් පරදාද අවසන් තරගයට සුදුසුකම් ලබනලදී.
බාලිකා අවසන් තරගය මහනුවර “නිල්“ සහ කොළඹ රතු කණ්ඩායම් දෙක අතර පැවැත්විණි. එම තරගය අවසානයේද දෙපිළටම ගෝල රැස්කරගත හැකිවූයේ ගෝල 1 බැගිනි. අනතුරුව පැවැති දඬුවම් ප්‍රහාරයේදී මහනුවර “නිල්“ කණ්ඩායම ගෝල 4ක් ලෙසද, කොළඹ “රතු“ කණ්ඩායම ගෝල 3ක් ලෙසද අවසන් කිරීම නිසා තරගයේ ජයග්‍රහණය මහනුවර කණ්ඩායම සතුවිය.
මහනුවර “නිල්“ කණ්ඩායම වෙනුවෙන් ගිම්හානි තාරකාද, කොළඹ “රතු“ කණ්ඩායම වෙනුවෙන් සසිනි ඩයස්ද ගෝල රැස්කළහ.
චාරුකා අබේරත්න (මහනුවර - නිල්) දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද, තමාෂා වීරසිංහ (කොළඹ - රතු) දක්ෂතම ගෝල රකින්නිය ලෙසද සම්මාන ලැබූහ.
බාලිකා අවසන් පූර්ව වටයේදී මහනුවර “නිල්“ කණ්ඩායම විසින් කළුතර කණ්ඩායම පරදාද, කොළඹ “රතු“ කණ්ඩායම විසින් මාතලේ “රන්“ කණ්ඩායමද අවසන් තරගයට සුදුසුකම් ලබන ලදී.
50 වැනි අන්තර් ඒකාබද්ධ පාසල් හොකී තරගාවලියේ උණුසුම් අවස්ථා...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.